24 C
Negombo
24 C
Negombo

කටානේ වගුරුබිම් ගොඩකිරීම පිටුපස දේශපාලන බලවතුන්

-

කටාන කදිරානේ පිහිටි වගුරුබිමක් අනවසරයෙන් ගොඩකිරීම පිලිබදව ප්‍රදේශ වාසීන් විරෝධය පළකරති ගොඩකරන වගුරු බිම ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක්  නිහඩ විරෝධතාවයක් පැවැත්වූ අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ

මෙම අනවසර ගොඩකිරීම පිලිබදව ප්‍රදේශවාසීන් කටාන පොලිසියට පැමිණිලිකර ඇති අතර කටාන ප්‍රාදේශීය සභාවේ පරිසර කමිටුවේ සභාපති රම්පාල ගනේගොඩ මහතාද මෙම අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ

මෙපිලිබදව කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න සිල්වා මහතාගෙන් විමසීමක් කල අතර මෙම ඉඩම ගොඩකිරීමසදහා කිසිදු අවසරයක් තමන් විසින්  ලබාදී නැතිබව පැවසිය

දැනටමත්  සුළු වැස්සකදී පවා කදිරාන ප්‍රදේශයේ නිවාස වැසි ජලයෙන් යටවන අතර එයට ප්‍රධානතම හේතුව වගුරු බිම් ගොඩකිරීම බව පවසන ප්‍රදේශ වාසීන් මෙම වගුරු බිම් ගොඩකිරීම පිටුපස දේශපාලඥයින් මෙන්ම සමහර දුෂිත නිලධාරී සිටින බවට චෝදනා කරති.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.