24 C
Negombo
24 C
Negombo

කදිරානේ වගුරුබිම් ගොඩ කිරීම පිටුපස ප්‍රාදේශීය සභාවේ සභාපති ……?

-

 

පරිසරය රැකගැනීමේ වගකීම පැවරී ඇති කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මහාපරිමාණයෙන් පරිසරය විනාශ කිරීම සදහා සක්‍රියව කටයුතුකරනබවත් බේස්ලයින් පාරේ අක්කර තුනක පමණ වගුරු බිමක්  ගොඩකිරීමට විරුද්ධව කටයුතු කිරීම මගහරිමින් සිටින බවටත්  ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීන්  චෝදනා කරති.

මෙම අනවසර ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශ වාසීන් පිරිසක්මෙම  මස 23   කටාන පොලිස් ස්ථානයට පැමිණිලි කර  පස් පුරවන   ස්ථානයේ නිහඩ විරෝධයක් පැවැත්විය

එම ස්ථානයේ සිට මෙම ලියුම්කරු කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවර නන්ද විජයරත්න සිල්වා මහතා ට දුරකතනයෙන් අමතා  මෙම අනවසර ගොඩකිරීම පිලිබදව කරුණු විමසා සිටි අතර තමන් එපිලිබදව කිසිදු දෙයක් නොදන්නා බවත් කිසිදු අවසරයක්  තම අත්සනින් ලබාදී නැතිබව ප්‍රකාශ කරනු ලැබිය.

ශ්‍රීලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සාමාන්‍යධිකාරී විසින් මෙම ඉඩමට අදාලව නිකුත්කරනලද 2021.05.18 දිනැති LM/8979 ලිපියේ සදහන් පරිදි කොන්දේසි සපුරා නොමැතිව පස් පිරවීමට අවසර ලබාදුන්නේ කෙසේදැයි විමසුවිට එවැනි ලිපියක් තමාට ලැබී නැතිබව පැවසූ අතර මෙම ලියුම්කරුවිසින් සභාපති වරයාටලිපියේ සදහන් කරුණු දුරකථනය ඔස්සේ දැනුම් දෙනු ලැබිය.

තමන් මේ කිසිවක් දැනනොසිටි බවත්පොලිසියට කතාකර වහාම මේම ගොඩකිරීම නවත්වන බව කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න සිල්වා මහතා පැවසූ අතර ඒ  අවස්ථාවේම් පොලිස් නිලධාන් පැමිණ පස් බෑම සහ තුනිකිරිම නතර කරනු ලැබීය.

මෙම අනවසර ගොඩකිරීමට එරෙහිව පොලිසියට පැමිණිලිකල කටාන ප්‍රාදේශීය සභාවේ පරිසර කමිටුවේ සභාපති රම්පාල ගනේගොඩ මහතා  පද්මසිරි අප්පුහාමි මහතා සහ අසේල සිලවා මහතා සහ මෙම ඉඩමේ ගොඩකිරීම සිදුකරන ඉඩමේ හිමිකරුවන් 26 දින  ප්‍රාදේශීය සභා කාර්යාලයට කැදවාඇති සභාපති වරයා  ශ්‍රීලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව නිකුත් කර ඇති කොන්දේසි  කඩකරමින් මෙම ඉඩමට  පස් ගෙනවිත් ගොඩගසා ගැනීමට ඉඩදිය යුතුබවට යෝජනා කර තිබේ.

මෙයට එකග විය නොහැකිබව තමන් ඇතුළු පිරිස පැවසූ  බවත් පස්මිල ඉදිරියේදී වැඩිවිය හැකිබැවින් කොන්ත්‍රාත් මිලගණන් වැඩිවිය හැකිනිසා ඒ සදහා අවස්ථාව ලබාදිය යුතුබව සභාපතිවරයා ප්‍රකාශ කලබව රම්පාල ගනේගොඩ මහතා පැවසිය..

සභාපති වරයාගේ මෙම හැසිරීම සහ ප්‍රකාශය  අනුව පස් සැපයීමේ සහ ගොඩ කිරීමේ කොන්ත්‍රාත්තුව සමග  සභාපති වරයා ගේ සමබන්ධ්යක් ඇති බවට සාකච්චාවට සහ භාගිවූ  පිරිස සැක පළකරයි.

මෙම ලියුම්කරු විසින්  ශ්‍රීලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සාමාන්‍යධිකාරී විසින් නිකුත්කරනලද 2021.05.18 දිනැති LM/8979 ලිපියේ පිටපතක් සභාපති වරයාගේ ඉල්ලීම පරිදි26 දින  වට්ස් අප් කල අතර ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේන් ප්‍රාදේශීය සභාවට යොමුකළ පිටපත ඉඩම් හිමියන් විසින් අතේ ගෙනවිත් තාක්ෂණ නිලධාරියට  බාරදී ඇතිබවත් එය තමන් දුටුවේ මෙම අවස්ථාවේ බවත්  සාකච්චාව අතරතුර  මවිසින් ලබාගත් දුරකථන ඇමතුමකට පිළිතුරු  දෙමින්සභාපති වරයා පැවසිය

පාරිසරික තත්වයන් පිලිබදව යලි සමාලෝචනය කර තීරණයක් ගන්නා තෙක් දැනට සිදුකරන මෙම ගොඩකිරීම තාවකාලිකව  නතරකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කටාන සංවර්ධන කමිටුවේ සභාපති රාජ්‍ය ඇමතිනී විශේසඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කරන ලද ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප කර මින් අද27 දිනයේද බර යන්ත්‍ර යොදා පස්  පිරවීමට සභාපතිවරයා විසින් අවසර ලබාදී තිබෙනු දක්නට ලැබිණි.

මෙම ගොඩකිරීම් පිලිබදව ප්‍රදේශීය ලේකම් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්  වැඩිපිරිසක එකගතාවයක් නොමැති බවද දැනගන්නට ඇත.

මෙම ලිපියෙහි සදහන් සමහර කරුණු පිළිබද පැහැදිලි කරගැනීම සදහා  කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න සිල්වා මහතා ගේ අංක 0773904368දරන ජංගම දුරකතනයට ඇමතුම් අටක් ලබාදුන්නත් පිළිතුරු ලබාදීම මගහරිනු ලැබිය.

ශ්‍රීලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සාමාන්‍යධිකාරී විසින් නිකුත්කරනලද 2021.05.18 දිනැති LM/8979 ලිපියේ සදහන් පහත කරුණු පිලිබදව පැහදිලි කිරීමේ වගකීම  සභාපති වරයා විසින් සිදුකරනු ඇතිබව අප විශ්වාස කරමු.

ප්‍රදේශීය සභාවට අතින් හෝ තැපැලෙන් ලැබන ලිපි බරගැනීමට නම්කල නිලධාරියෙක් සිටිනවාද ලැබෙන ලිපි  ලේඛනයක සටහන් කරනවාද

මෙම ලිපය ඔබවෙත ඉදිපත් නොකර සගවාගෙන සිටි තාක්ෂණික නිලධාරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ලබනවාද එසේ නොකරන්නේ නම් ඒ මන්ද

මෙම ලිපියේ සදහන් කොන්දේසි අනුව  අවසන් නිරවුල් වාර්තාවක් ලබානොගෙන පස් පිරවීමට ඉඩදීමෙන් ඔබ කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් වගකීම් පැහැර හැර ඇතිබව පිළිගන්නවාද  පිළිනොගන්නේ නම් එ කුමන කරුණු පදනම් කරගෙනද.

මෙම ලිපියේ 10 වන ජේදයේ සදහන් පරිදි  පස්පිරවිම සදහා ප්‍රාදේශීය සභාවෙන් අවසරයක් ලබාදී තිබෙනවද එසේ ලබානොගෙන පස් පිරවීම නීතිවිරෝධී බැවින් මේ වනවිට ගෙන ඇති නිත්‍යානුකුල ක්‍රියාමාර්ග මොනවාද.

අනවසර ගොඩකිරීමට එරෙහිව කටාන පොලිසියට කල පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් දෙපාර්ශවය කැදවා විභාගකිරීමක් සිදුනොකල බව පැමිණිලි කරුවෝ ප්‍රකාශ කරති

වගුරු බිම් ගොඩකිරීම නිසා   සුළු වැස්සකදී පවා කදිරාන ප්‍රදේශයේ නිවාස වැසි ජලයෙන් යටවන බව ජනතාව පවසයි

මෙම අනවසර ගොඩකිරීමට එරෙහිවන ප්‍රදේශවාසීන් සහ මහජන නියෝජිතයන් බිය වැද්දවීම සදහා විවිධ පුද්ගලයන් ගේ සහ  දේශපාලඥයින්  මෙම කාර්ය සදහා සම්බන්ධවී සිටින බවට ගොඩකිරීම සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයන් ප්‍රකාශකරන බවද ගෝඨාභය  රාජපක්‍ෂ ජනාධිපති තුමාගේ හිතවත් කමක් ඇතිබව  ජනගත කරමින් සිටින බවද තතුදත් ආරංචිමාර්ග පවසයි.

. 2021.05.18 දිනැති LM/8979 ලිපිය සම්පුර්ණයෙන්ම පහත පලකර ඇත.

 

.

මතු සම්බන්දයි

 

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.