23 C
Negombo
23 C
Negombo

අක්කර පනහේ ඉදිකිරීම් ව්‍යාපෘතියක ගබඩාවක් කඩා දේපල පැහැරගෙනගිය සැකකරුවන් කොටුවෙයි

-

කටාන පොලිස්වසමේ අක්කරපනහ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ගබඩාවක් බිද ලක්‍ෂ 30 හකට ආසන්න දේපල පැහැරගෙනගිය සැකකරුවන් තිදෙනෙකු සොරබඩු  සහ ඒවා ප්‍රවාහනය කල වාහනයද     සමග කටාන පොලිසිය විසින් අද 03 දින අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනක් හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් බවද අනෙක් සැකකරු

මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරියෙකුවන බවත් වැඩබිම අසල සිට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ ගාල්ල ප්‍රදේශයට ඒවා රැගෙනගොස් අලවිකර ඇත්තේද මෙම ව්‍යාපාරිකය විසින්බවත් පොලිසිය පවසයි

මෙම එක් සැකකරුවෙකු මෙම වැඩබිමේ කම්කරුවෙකු ලෙස සේවය කර ඇතිබවද විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

ඔක්තෝම්බර් මස 13 දින මෙම සොරකම සිදුව ඇතිබවට අදාල නිවාස ව්‍යාපෘතිය කළමනාකරු විසින් සිදුකල පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකරමින් සිටියදී පොලිස් සැරයන් සුදත් ගුණවර්ධන නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව කටාන ඇටබගහ වත්ත ප්‍රදේශයේ පදිංචි   සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ

කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලිස්පරික්ෂක  ඉන්දික තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස්පරිදි අපරාධවිමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාන් සුජීව මහතා සමග පොලිස් සැරයන් 53155 සුදත් ගුණවර්ධන පොලිස් කොස්තාපල්වරුන්වන 66411 කොතලාවල 82685 උදයකුමාර 22242 රාජපක්‍ෂ 93442 සදනුවන් 93437 වික්‍රමසිංහ යන නිලධාරීන් ද සහභාගිවී ඇත

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.