23 C
Negombo
23 C
Negombo

කතෝලික නිජබිම චීන කොරියන් සමාගම්වලට- පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන

-

 පෑළියගොඩ සිට මිගමුව දක්වා ඇති කතෝලික නිජබිම චීන කොරියන් සමාගම්වලට විකුණා ඩොලර් යටිමඩි ගහ ගැනීමට දරන ආණ්ඩුවේ  උත්සාහය පරාජය කරනබවත් ඒ සදහා මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන්ගේ සහ කතෝලික සභාවේ සහයෝගය ලැබෙන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා පැවසිය.

ඒ මහතා මෙම අදහස් පලකලේ මිගමුව මුන්නක්කරය කොතලාවල පාලම අසල 6 දින රාත්‍රී පැවති විරෝධතාවයකට එක්වෙමිනි.

මුතුරාජවෙල රක්ෂිතයෙන් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීම සදහා  කටයුතු කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

වැඩිම දේවස්ථාන ප්‍රමාණයක් පිහිටා ඇති බහුතර කතෝලික ජනතාවක් ජිවත්වන මෙම ප්‍රදේශ සංවර්ධනය කර ආරක්ෂා කරනබව පවසමින් ජනතාව ඉවත්කර එම ප්‍රදේශ විදේශීය සමාගම්වලට විකිණීමේ උත්සාහය පරාජය කිරීම සදහා කරන සටන   මීගමුවෙන් ආරම්බකරන බවත් ගැසට්ටුව අවලංගු කරනතෙක් මේ සටන නොනවත්වන බවද කවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම ගැසට්ටුව බලරහිත කරනලෙස ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ගොනුකර ඇතිබවද බියනැතිව මෙසටනට එක්වන ලෙසත් අවශ්‍ය සියලු සක්තිය ලබාදෙන බව  කාදිනල් හිමියන් තමන්ට පැවසුබවද කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය..

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.