23 C
Negombo
23 C
Negombo

මුතුරාජ වෙල රක්ෂිතය ගණිකාවක් බවට  පත්කර – හැම එකාටම විකුනනවා-නිමල් පියතිලක පියතුමා

-

මුතුරාජ වෙල රක්ෂිතය ගණිකාවක් බවට  පත් කරගෙන ඇති බවත් එය කැබලිකර හැම එකාටම විකුනන බව  මුතුරාජ වෙල සුරැකීමේ අගරදගුරු කමිටුවේ අනුශාශක  නිමල් පියතිලක පියතුමා පවසයි  පියතුමා මේ බව ප්‍රකාශ කලේ මීගමුවේ අද පැවති විරෝධතාවකට එක්වෙමින් මුතුරාජ් වෙල  පවරා ගැනීමේ ගැසට් ටුව  ඉල්ලා අස්කර ගැනීමට බල කරමින් ප්‍රදේශයේ දේවස්ථාන වලින් මෙය සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කල නිමල් පියතිලක පියතුමා මුතුරාජ වෙල වනජිවියට සහ වන සංරක්ෂණයට අයත් බිමක් බවත් මෙය හදිසියේම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගැනීමට යාම බරපතල ගැටලුවක්

මෙයට පෙරද මෙම භූමියෙන් අක්කර 700ක් පවරගෙන ගොඩකර ගොල්ප් පිටියක් හෝටලයක් සහ හෙලිකොප්ටර්   අංගනයක් ඉදිකිරීමට සලසුම්කල බවද ජනතාව සමග එක්වකල විරෝධතා නිසා එය නතර කරගැනීමට හැකිවුබවද පැවසිය.

මේවනවිට උස්වැටකෙයියාවේ නුගපේ හන්දියේ කොරියන් සමාගමට ඩිස්නිලන්තයක්සදහා අක්කර 100 ක් ද එල් එන් ජි බලාගාරයට අක්කර 100 ක් ද ලබාදී ඇතිබව පියතුමා මේවා ගොඩකිරීම සදහා මුහුදෙන් වැලි පොම්ප කිරීමෙන් සහ මුතුරාජ වෙල රක්ෂිතය ගොඩකිරීමෙන් මේ ප්‍රදේශයේ දිවිගෙවන ධිවර ජනතාවට රැකියාව මෙන්ම නිවාසවල දිවිගේවිමේ හැකියාවත් නැතිවෙනවා

ජනතාවගෙන් විමසීමකින් තොරව මේ දේවල් කිරීම නිසා රජයගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිදී ඇති බවත් පැවසූ පියතුමා කතෝලික ජනතාවට මේ අයුරින් සලකන්නේ ඇයිද යන්න ගැටලුවක් බවද පැවසිය.

පියතුමන් කනයාසොයුරිය සමග  විවධ සංවිධාන නියෝජනය කරමින් දෙදහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.