23 C
Negombo
23 C
Negombo

මීගමුවේදී සහ කටානේදී ගිනිඅවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

-

2021.11.09 වන දින මධ්‍යම රාත්‍රියේ  ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් කටාන සහ මිගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී ගිනිඅවි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල කොටුගොඩ සහ කටාන  කොන්දගම්මුල්ල, දෙමන්හංදිය පදිංචි කරුවන් දෙදෙනකි.

මිලිමීටර්  .22 රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ 20ක් ඉතාලියේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයට සමාන කුඩා පිස්තෝලයක් හා එම හිස් මැගසීනයක්. සහ බෝර 12 ගිනි අවියක් හා උන්ඩ 48ක්, ද අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක එස් පි ගුණතිලක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක්  විසින් මෙම වැටලීම් සිදුකර ඇත

අත්අඩංගුවට ගත් සැකරුවන් සහ ගිනිඅවි කටාන පොලිසිය වෙත බාරදී ඇත.

කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික තුෂාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්  සිදුකරන  වැඩිදුර විමර්ශන වලින් පසු සැකරුවන් අද 10  දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.