23 C
Negombo
23 C
Negombo

මොලගොඩ ඇලේ කසිප්පු මෙහෙයුමක්

-

හිනැටියන මොලගොඩ ඇලේ ලදු කැලෑවක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය  මහාපරිමාණ ස්කාගාර දෙකක් වැටලු   මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් කසිප්පු මිලිලිටර්  4300 ක් ගෝඩා බැරල් 23 ක් සමග සැකකරුවන් දෙදෙනකු 25  දින අලුයම  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනැටියන  පදිංචි 53 . සහ 58 වියැති සැකකරුවන් දෙදෙනකි . කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් 76336  රංග  නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම වැටලීම සිදුකිරීම සදහා නිලධාරීන් කණඩායමට මීගමුවේ සිට බෝට්ටුවකින් දඩුගම් ඔය ඔස්සේ දුෂ්කර ගමන් මාර්ගයක ගමන් කිරීමට සිදුව ඇත. කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණානායක මහතා මෙයවූ වැටලීම් කණ්ඩායමට පොලිස් කොස්තාපල්වරුන් වන් 76336 රංග 75480 ධම්මික 79452 බුද්ධික 82758 කුලතුංග  පොලිස් රියදුරු89904  මදුශංක යන නිලධාරින්ද සහභාගිවී ඇත.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සමින්ද ද සිල්වමහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.