23 C
Negombo
23 C
Negombo

මහාපරිමාණ කේරල ගංජා ජාවාරම්කල්ලියක සාමාජිකාවක් කටානේදී අත්අඩංගුවට

-

මහාපරිමාණ කේරල ගංජා ජාවාරම්කල්ලියක සාමාජිකාවක් බව කියන 40 හැවරදී විවාහක කාන්තාවක් දෙසැම්බර් මස 1 දින දකවා කටාන පොලිස් ස්ථානයේ රදවාගෙන ප්‍රශ්න කිරීමට මිගමුව අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා  අවසර දුන්නේය.

මෙසේ රදවාගෙන ප්‍රශ්න කරනු ලැබීමට අවසර ලබාදුන් සැකකාරිය කුරණ ශාන්ත අන්තෝනි මාවතේ පදිංචිකාරියකි.

ලද තොරතුරකට අනුව කටාන පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මදුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්උපාය දුතයෙකු යොදා ගංජා මිලදී ගනිමින් සිදුකල  මෙම වැටලීමේදී කේරල ගංජා කිලෝග්‍රෑම් එකක් සහ ග්‍රෑම් 604 ක් ගංජා පැකට් කිරිම සදහායොදාගත් තරාදියක් සහ ඇසුරුම් උපකරණද අත්අඩංගුවට ගෙන ඇත

සැකකාරිය  අත්අඩංගුවටගෙන සිදුකල මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව  දැනට මාසයකට පමණපෙර කටාන රුක්අත්තනහන්දිය ආසන්නයේ  ගෝල්ඩන් හෙවන්හි නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිටිමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇත.

කොළබ ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සාමාජිකාවක් බවට පොලිසිය සැකකරයි

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සමබන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට   අධිකරණයෙන් ඇපපිට පැමිණ සිටින අතරතුර මෙම ජාවාරම සිදුකර ඇතිබව පොලිසිය පවසයි

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ උපදෙස් පරිදිපොලිස් අධිකාරී 11 පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණයෙන්  කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික තුෂාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්    වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

 

මෙම වැටලීම සදහා පොලිස් කොස්තාපල්වරුන් වන රාජපක්‍ෂ 22242 ,ජයලත් 94509 ,25204 සේනාධිර,25538 සෙනවිරත්න පොලිස් රියදුරු 89938 නුවන් සහ කාන්තා පොලිස් කොස්තාපල් තිලිණි යන නිලධාරීන් සහභාගී වී ඇත.

බස්නාහිර  පළාත් සහ කොට්ඨාශ බුද්ධි අංශයේ 31631647 සුනිල් සහ 49073 ප්‍රේමවංශ යන නිලධාරීන් ගේ සහායද මෙම වැටලීම සදහා ලැබී තිබේ.

කටාන පොලිසියේ 73138 ලලිත් නිලධාරියා රැදවුම් නියෝග ලබාගැනීම අධිකරණය හමුවේ පැමිණිල්ල මෙහෙයවීය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.