මේ ආණ්ඩුව පෙරලීම සදහා ඕනෑම කණඩායමක් සමග එකතුවන නමුත් එම සංධානයේ නායකත්වය හිමිවිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් මීලග ආණ්ඩුව පිහිටවනු ලබන්නේ ඔහුගේ නායකත්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා පැවසිය.
මිගමුව තම්මිට ශාන්ත ජෝශප් වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සදහා ත්‍යාග බෙදා දීමක් සහ ඔවුන් පිනවීම සදහා කැරොල් ගි ගායනයක් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර උත්සවය අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළකරමින් කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේය
පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා නත්තල වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුනි සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම කවින්ද ජයවර්ධන මහතා මෙම අවස්ථාවේ දී ගායනයෙන් සහ වාදනයෙන් වැඩිහිටියන් පිනවීමට එක්විය.