මිගමුව නගරයේ ඇති එකම බොදු මිශ්‍ර ජාතික පාසැල මෙන්ම ගම්පහ දිස්ත්‍රිකයේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන හරිස්චන්ද්‍ර ජාතික පාසැලට ජනවාරි 4 දිනට වසර 80 ක් සපිරේ
මෙම සමරුව වෙනුවෙන් වැඩසටහන් රැසක් විදුහල් පති ආචාර්යවරුන් ආදී සිසුන් සහ දෙමවු පියන් විසින් සංවිධානය කර තිබේ
අද උදැසන මිගමුව අබේසේකරාආරාමයේ සිට පාසැල වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ 100 ක් නමක් වැඩමකර පංතිකාමර තුල තැන්පත් කිරීමෙන් සමරු උත්සව ආරම්භ විය
මීගමුව, ධර්ම දුත සමිතියේ මුලිකත්වයෙන්,වර්ෂ 1942 ක්වූ ජනවාරි මස 04 වෙනිදා සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කුඩා පොල් අතු මඩුවක දී හිටපු අධ්‍යාපන ඇමති C W W කන්නන්ගර මහතා ගේ ප්‍රධානත්වයෙන් හරිස්චන්ද්‍ර විද්‍යාලය ආරම්භ කරතිබේ.
ඒ වෙනුවෙන් ඉඩම පරිත්‍යාග කර ඇත්තේ දිවංගත වෛද්‍ය C L A ද සිල්වා විසිනි. බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමන් ට උපහාර පිණිස, ‘හරිස්චන්ද්‍ර’ නාමය විදුහලට යෝජනා කර ඇත්තේ හිටපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී M W අමරසුරිය විසිනි. M වැලිකන්න ගුරු පියාණන් ආරම්භක විදුහල්පති ලෙස පත්වූ අතර මහාචාර්ය ගුණපාල මලලසේකර විසින් ප්‍රථම දින ශිෂ්‍ය කණ්ඩායමට ‘අකුරු හෝඩිය’ කියවා ඇත.
දිවයිනේ සුප්‍රසිද්ධ පුද්ගල චරිත ගණනාවකට මුලික අධ්‍යාපනය ලබාදී ඇති මීගමුවේ එකම බෞද්ධ ජාතික පාසැල වන හරිස්චන්ද්‍ර විදුහලේ දැනට සිසුහු 5,000කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරති.