වෛද්‍ය නිර්දේශ නොමැතිව මත්ලෝලීන් සදහා වේදනා නාශක බටහිර ඖෂධ අලවිකිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් ෆාමසි හිමිකරුවෙකුට සහ වෙළද සේවිකාවකට මිගමුව අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා විසින් රුපියල් 225000 දඩ මුදලක් නියම කළේය.
දඩ මුදලට අමතරව ෆාමසි හිමිකරුට වසර පහකට අත්හිටවූ වසරක සිරදඩුවමක්ද නියමකළ මහේස්ත්‍රාත්වරයා මෙවැනි වැරදි මින් ඉදිර්යේදී නොකරන බව සදහන් 10×10ප්‍රමාණයේ පුවත් පත් දැන්වීමක් පලකරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.
මෙසේ දඩුවම් නියම්වුයේ මිගමුව පාන්කඩ හන්දිය අසල මිරිගම පාරේ මුන් ෆාමසිය නමැති ෆාමසියේ හිමිකරු වන මිගමුව පෙරියමුල්ල ජුම්මා මස්ජිඩ් මාවතේ පදිංචි මොහොමඩ් නෂර් අශාඩ් අලි නැමැත්තෙකුට සහ එම ෆාමසියේ වෙලදසේවිකාවක් වන වැලිහේන පාතිමා පාරේ පදිංචි කාරියක බවකියන වජේකුමර් සත්‍යකලා නමත්තියකටය.
මෙම බටහිර ඖසධ අලවිසැලේ කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති අතර අවස්ථා කිහිපයක් මෙම ජාවාරම නොකරන ලෙස පොලිසිය විසින් අවවාද කර ඇතිඅතර . උපාය දුතයෙකු යොදවා මත්පෙති මිලදීගෙන සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි
මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ උපපොලිස් පරීක්ෂක රෝහණ වික්‍රමසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවිය .