28 C
Negombo
28 C
Negombo

ගද උහුලනු බෑ හුස්මගන්න ඉඩදියවූ පිටිපන ධීවර සටන මහපාරට

-

මිගමුව ජාඇල  මාර්ග අංක 273 ප්‍රධාන මාර්ගය අවහිර  කරමින් පිටිපන  කානික්කමතා දේවස්ථානය ඉදිරිපිටි ප්‍රදේශවාසින් විසින් ආරම්භකල විරෝධතාවයක් හේතුවෙන් පැය හතරකට ආසන්න කාලයක් වාහන ගමනා ගමනයට බාදා පැමිණ තිබිණි.

බස්නාහිර පළාත් සභාව විසින් මිගමුව පිටිපන ප්‍රදේහයේ පවත්වාගෙන යන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ අලුතින් ආරම්භ කර ඇති  දියර පොහොර කම්හලකට එරෙහිව ප්‍රදේශවාසින් විසින්  මෙම විරෝධතාවය ආරම්භකර තිබුණි

ඉවතලන  සත්ව සහ මත්ෂ්‍ය අපද්‍රව්‍ය යොදාගනිමින්  ජලජීවී මධ්‍යස්ථානයේ දියර පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් දැනට මාස කිහිපයකට පෙර ආරම්භකළ අතර අවස්ථා ගණනකදී  ප්‍රදේශවාසී මෙම ස්ථානයෙන් හමන   දුගද සහ මැස්සන් ගහනය වැඩිවීමට එරෙහිව විරෝධතා දැක්විය.

එම අවස්ථාවලදී පොලිසිය සහ බලධාරීන් තමන්ට හිරිහැරයක් නොවන අන්දමින් ව්‍යාපෘතිය පවත්වාගෙන යනබවට දුන් පොරොන්දු කඩකරමින් කටයුතු කිරීම නිසා ප්‍රදේශ වාසීන් එම කම්හල ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් පසුගිය 13 දිනසිට අඛණ්ඩ ආරම්භ කළේය.

මේ කිසිවකට පාලකයන්  යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා තමන්ට මහපාරට බැස හුස්ම ගැනීමේ අයිතිය සදහා සටන්කිරීමට සිදුවූ බව විරෝධතා කරුවෝ පවසති .

මෙම මස 27 දින බස්නාහිර ආණ්ඩුකාරවරයා ඇතුළු අදාල සියලු පාර්ශව සමග සාකච්චාවක් සදහා පැමිණෙන බවට දැනුම්දී ඇතිබැවින් එදින දක්වා උද්ඝෝෂණය නතර කර මහා මාර්ගය විවෘතකරදීමට කටයුතු කරන ලෙස  මිගමුව පිටිපන මිසම්පාලක ගරු ඇන්ටන් රංජිත් පියතුමා ව්රෝධතා කරුවන්ගෙන් ඉල්ලීමක් කල අතර ඒ අනුව පැය හතරකට ආසන කාලයක් මාර්ගය  අවහිර කරමින් පවත්වාගෙන ගිය උද්ඝෝෂණය අවසන්කළ පිරිස මහාමාර්ගයෙන් ඉවත්වී යලි අඛන්ඩ උපවාසයට එක්විය.

 

මෙම  ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ විවිධ දුෂණ අක්‍රමිකතා සිදුකරන බව කියන  සේවා දිගු දෙකක් ලබාගෙන ඇති විශ්‍රාමික නිලධාරියෙකු සිටින බව දැනගන්නට ලැබී ඇතිඅතර ඔහු පිළිබද  අපවෙත ලැබීඇති තොරතුරු  ලගදීම එළිදරවු කිරීමට කටයුතු කරමු

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.