තමන්ට දේශපාලඥයින් මෙන් බොරු පොරොන්දු දිය නොහැකිබවත් පොලිස් නිලධාරියෙකු වශයෙන් යායුතු නියම පාර පෙන්වා දිය හැකිබවත් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා පැවසිය.
සහකාර පොලිස් අධිකාරී වරයා මෙම අදහස් පලකලේ මිගමුව ජාඇල මාර්ගය අවහිර කරමින් පිටිපන දේවස්ථානය අසල විරෝධතාවයක නිරතවූ පිරිස මාර්ගයෙන් ඉවත්කර ගැනීම සදහා සිදුකල සාකච්චාවේදී විරෝධ තා කරුවන් මාර්ගයෙන් ඉවත්වීම සදහා කොන්දේසි ඉදිරිපත් කල අවස්ථාවේ ඔවුන්ට පිළිතුරු ලබාදෙමිනි.
බස්නාහිර පළාත් සභාව විසින් මිගමුව පිටිපන ප්රදේහයේ පවත්වාගෙන යන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ අලුතින් ආරම්භ කර ඇති දියර පොහොර කම්හලකට එරෙහිව ප්‍රදේශවාසින් විසින් මෙම විරෝධතාවය ආරම්භකර තිබුණි