28 C
Negombo
28 C
Negombo

පැය බාගයක ගම සමග පිළිසදරට 7000 ක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැදවීම අපරාධයක්

-

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම්1171සේවයකරන6000ක්පමණවනකේෂ්ත්‍රනිලධාරීන්(ග්‍රාමනිලධාරී,සමුර්දි නිලධාරී ,සංවර්ධන නිලධාරී කෘෂිකර්ම නිලධාරී ) සහ දේශපාලන නියෝජිතයන්  1000 ක් සමග  7000 ක් පමණ පිරිසක්  ගමසමග  පිළිසදර වැඩසටහන පිලිබදව සකච්ඡාවකට බව පවසමින්  ගම්පහ දිත්රික් ලේකම් කාර්යාලයට කැදවීම නිෂ්පල පල රහිත මුදල් හා කලය නාස්ති කිරීමක් බව ග්‍රාමනිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් පවසති.

මෙම රැස්වීම සදහා එක ග්‍රාමනිලධාරී වසමකට වෙන්කර ඇති කාලය විනාඩි 30 කි මේ විනාඩි 30 සාකච්චාව සදහා රාජ්‍ය නිලධාරීන්ට ගම්පහට යාමට සිදුවන  අතර මේ නිසා සම්පුර්ණ දවසම රාජකාරියෙන් බැහැරව සිටීමට සිදුවන අතර සහභාගිවන නිලධාරීන්ට ගමන්වියදම් සහ සංයුක්ත දීමනා ගෙවීමට ද සිදුවේ. මෙම වියදම රජයට දැරීමට වන  අමතර පිරිවැයක් බව ආරාධනා ලැබ ඇති පළාත් පාලන නියෝජිතයන්ගේ අදහස බවද දැනගන්නට ඇත

මෙම දැනුවත් කිරීම දිස්ත්‍රික් ලේකම්වරයාට ප්‍රදේශීය ලේකම්වරු සහ ප්‍රදේශීය සංවර්ධන කමිටුමාර්ගයෙන්ප්‍රාදේශීලේකම් කාර්යාල මට්ටමින්    සිදුකිරීමට හැකියාව තිබියදී රට ආර්ථික වශයෙන්  අපහසු තත්වයකට පත්ව රජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය නොවන  වියදම් සිමා කරනලෙස මුදල් අමාත්යංශය දැනුම් දී තිබියදී දිස්ත්‍රික් ලේකම් වරයාගේ මෙම පැය භාගයේ සාකච්චාව මහජන මුදල් නාස්ති කිරීමක් බවද ග්‍රාම නිලධාරී ඇතුළු මෙයට ආරාධනා ලැබ ඇති නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන් ද පවසති.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.