කටානේ සහ මීගමුවෙන්හමුවන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යමින් තිබෙන බව වාර්තාවේ අද කටාන සිදුකල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා 153 කින් ආසාදිතයන් 65 ස් දෙනකු හදුනාගත්බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් ඒ යු පි කුලතිලක මහතා පැවසිය.
කොච්චිකඩේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට පැමිණි 30 දෙනෙකුට පමණ කොවිඩ් අසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතිබවත් පුද්ගලිකව ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා සිදුකරගෙන මහජන සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් නොකරන පිරසක් ද සිටින බවත් ඒ අය පිලිබදව වාර්තා නොවනබවත් කුලතිලක මහතා වැඩිදුරටත් පැවසිය.