අතදරුවන් දෙදෙනකු සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් කොළබ සිට මිගමුව දක්වා හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමේ නිරතව සිටියදි ලක්ෂ 5 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ මිලිග්‍රෑම් 610 ක් සමග මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයවිසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ කාන්තාවන් දෙදෙනක් සහ තවත් සැකකරුවන් දෙදෙනකු පෙබරවාරි මස 9 දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය අද 26 දී නියෝග කළේය
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ කොළබ 14 පර්ගියුසන් පාරේ පදංචි කාරියන් බව කියන 25 හැවරදී 40 වියැති කාන්තාවන් දෙදෙනක් ඔවුන් ගමන් කල ත්‍රි රෝද රථ රියදුරෙකු සහ මිගමුව උතුරු පිටිපන පදිංචි සැකරුවෙකි
මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව මිගමුව කොළබ පාරේ කුරණ 20 කණුව ප්‍රදේශයේදී මෙම සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
කාන්තාවන් දෙදෙනා කිසිවෙකුට සැක නොසිතෙන පරිදි ගමන්කිරීම සදහා ඔවුන්ගේ වයස අවුරුදු දෙකක් සහ මාස 18 ක් වන දරුවන් දෙදෙනා සමග හෙරොයින් ප්‍රවාහනය සිදුකරනලද විමර්ශන වලදී අනාවරණයවූ බව පොලිසිය පවසයි
මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව කොට්ටාශ අපරාධවිමර්ශන අංශයේ ස්ථානාධිපති අනුර රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක කරුණානායක මහතා සමග උපපොලිස් පරීක්ෂක මාරසිංහ මහතාවිසින් සිදුකල මෙම වැටලීමට පොලිස් සැරයන්වරුන් වන 25906අනුර 15473 නිරෝෂන් පොලිස් කොස්තාපල්වරුන්වන .53523 බණ්ඩාර 31883 සම්පත් 301142 විමුක්ති කාන්තා පොලිස් කොස්තාපල් සවිද්‍යා පොලිස් රියදුරු 14869 ජනක යන නිලධාරින්ද සහභාගිවී ඇත
මිගමුව පොලිසියේ දුෂණ මර්ධන අංශයේ උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කරමින් පැමිණිල්ල මෙහෙයවිය.