තමන් සැමවිටම අසරණයන් වෙනුවෙන් පෙනීසිටිනබවත් කාටත් බෙදන්නේ එක හැන්දෙන් කිසිවිටක කිසිවෙකුට ගැති නොවනබවත් මිගමුව පිටිපන මිසම්පාලක ගරු ඇන්ටන් රංජිත් පියතුමා ප්‍රකාශ කළහ
උන්වහන්සේ මෙම අදහස් පලකලේ පිටිපන ජලජීවී මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය දියර පොහොර නිෂ්පාදන පිලිබදව බස්නාහිර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති රැස්වීමේදී සාකච්චාවූ කරුණු පිලිබදව ප්‍රදේශවාසී දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදීය
දියර පොහොර නිෂ්පාදන කම්හල ප්‍රදේශයේ ජනතාවට පිඩාවක් දුගද හැමීමක් නොවන ආකාරයට පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමට බස්නාහිර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්චාවේදී ආණ්ඩුකාර තුමා ඇතුළු නිලධාරී එකගවූ බවත් ඒ පිලිබදව වැඩිදුර දැනුවත් කිරීමට නිලධාරී කණඩායමක් ඉදිර දිනකදී පැමිණෙන බවට එම කරුණුද සැලකිල්ලට ගෙන කුමක් කරනවාද යන්න සාකච්ඡා කර තීරණය කරගන්නැයි ගරු ඇන්ටන් රංජිත් පියතුමා වැඩිදුරටත් පැවසිය
මෙම අවුල ඇතිකළ ලේකම්වරයා සාකච්චාවට සහභාගී නොවුනබවත් පොලිස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා මෙම ස්ථානයෙන් දුගද හමන බව පිළිගත් බවත් පැවසූ උන්වහන්සේ මෙම සාකච්චාවේදී ආණ්ඩුකාරතුමා සමග ගොඩ නැගුනු ඍජු සම්බන්ධතාවයක් අහිවුනා කරවල නිෂ්පාදනය පිළිබද ගැටලුවලට විසදුම ලබාදීම සදහා ව්‍යාපෘති වාර්තාවක් සකස්කර ඉදිරිපත් කරන්නැයි ආණ්ඩුකාරතුමා ඉල්ලීමක් කල බවද උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කලේය.
සාකච්චාවට සහභාගිවූ නියෝජිතයන් සහ ගම්වාසීන්ද මෙහිදී අදහස් දක්වනු ලැබිය