යාඥා කිරීමෙන් යලිත් පන ලැබේයයන විශ්වශයෙන් මියගොස් දිනකිපයක් නිවසේ තබාගෙන යඥාකරමින් තිබු අවුරුදු 10 ක් වයසැති දරුවාගේ මළසිරුර පිලිබදව පශ්චාත්මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්රාත් ශාන්ත නිරීඇල්ල මහතා අද 10 දින නියෝගකළේය
වැඩබලන මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කලේමියගිය කච්චි ආරච්ච්ගේ දොන් මලීෂ දුලක්ෂණ. නමැති දරුවාගේ දේහය තිබු බඩල්ගම පොලිස් වසමේ අංක 104/02, ආඩිමුල්ල, කටාන ලිපිනයේ සිදුකල ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුවය.
පොලිසිය විසින් දැනට සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම දරුවා මෙම මස 7 වනදින සවස මියගොස් ඇති අතර ළමයාගේ මරණය සම්බන්ධව පියා සහ මව විසින් පොලිස් ස්ථානය හා අසල්වාසින් හට දැනුම් නොදී මළ සිරුර නිවසේ තබාගෙන යාඥා කර තිබේ..
බඩල්ගම පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව අපරාධවිමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා විසින් සිදුකල පරීක්ෂණයේදී දරුවා ගේ මළසිරුර සොයාගෙන ඇත.
පොලිසිය නිවසට යනවිටත් නරක්වූ දේහය අසල දෙමවුපියන් යඥා කරමින් සිට ඇතිබවත් මියගිය දරුවාගේ සහෝදරයා පසුගිය දිනවලද පෙරපාසලට යවතිබු බවත් ප්රදේශවාසීන් පවසති
සුමිත් ජානක නමැති 45 ස් හැවරදී මියගිය දරුවාගේපියාගෙන් 35 වියැති තුෂාන්ගා මදුවන්ති නමැති 35 වියැති මවගෙන් සහ54 වියැති දරුවාගේ පියාගේ මවවන64 හැවරදී පද්මලාදන් මාලනී යන අයගෙන් මේ වනවිට පොලිසිය විසින් ප්රකාශ ලබගෙන ඇතිබව පොලිසියේ ආරංචි මාර්ග පවසයි.
බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි