යාඥා කිරීමෙන් යලිත් පන ලැබේයයන විශ්වාසයෙන් මියගොස් දිනකිපයක් නිවසේ තබාගෙන යඥාකරමින් තිබු අවුරුදු 10 ක් වයසැති දරුවාගේ මරණය පිළිබද සිදුකල පොලිස් විමර්ශන වලින් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ දරුවාගේ මව මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙසත් පියා සහ ආච්චි රුපියල් ලක්ෂ පහ බැගින්වූ පුද්ගල ඇප මත ඇපපිට මුදාහරින ලෙසත් මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය අද 11 දින නියෝග කළේය.
කටාන ආඩිමුල්ල ප්‍රදේශයේ පදිචි කරුවන් බව කියන තුෂාන්ගා මදුවන්ති නමැති 35 වියැති දරුවාගේ මව රක්ෂිත බන්ධනාගාර කල අතර සුමිත් ජානක නමැති 45 හැවරදී මියගිය දරුවාගේපියා සහ 64 හැවරදී පද්මලාදන් මාලනී නමැති දරුවාගේ ආච්චි ඇපමත මුදා හරින ලදී.
මියගිය මලීෂ දුලක්ෂණ. නමැති දරුවාගේ දේහය පිළිබද පස්චාත් මරණ පරීක්ෂණය හෙට 12 දින මිගමුව දිස්ත්‍රික් මහරෝහලේදී සිදුකිරීමට නියමිතබව වාර්තාවේ
බඩල්ගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරද සිල්වා මහතගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි චමිලා මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් සිදුකල විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි
ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විත්තිය වෙනුවෙන් පෙනිසිට්යේය