32 C
Negombo
32 C
Negombo

ක්‍රිකට් ඇතුළු සියළු ක්‍රීඩා විනාශකලේ හිටපු ඇමතිවරු -ඇමති නාමල් රාජපක්‍ෂ

-

මෙතෙක්කල් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියළු ක්‍රීඩා විනාශවුයේ තේරීම් කමිටු හරහා තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායම්වලට ඇතුළුකිරිමට  ඇමතිවරු කටයුතු කිරීම හේතුවෙන් යයි  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසිය .

අමාත්‍යවරයා මෙම අදහස්  පලකලේ 75 ස් වන නිදහස් සමරු මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් ශුරතාවය සදහා පැවැත්වෙන අවසන් පුර්ව තරග නැරබීමට මිගමුව වෙරළ උද්‍යානයටඊයේ (19)  රාත්‍රියේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

කිසිම ක්‍රීඩා සංගමයකට තේරීම් කමිටුවකට තමන් කිසිම බලපෑමක් නොකරන බවත් ක්‍රීඩාවන් පිලිබදව තීරණ ගතයුත්තේ දේශපාලඥයින් නොව එම ක්‍රීඩා පිළිබද දැනුම ඇති ප්‍රවීනයන් විසින්බවද අමාත්‍ය වරයා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් ශුරතාවය සදහා පැවත්වෙන තරගමාලාව  18 දින උදැසන  මිගමුව බීච් පාර්ක්හි  වෙරළ උද්‍යානයේදී ආරම්භවිය.

මෙවර මෙම තරගාවලිය නම්කර ඇත්තේ 75 වන නිදහස් සමරු මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගය ලෙසයි .

මාලදිවයින පකිස්ථානය ඉරානය උස්බෙකිස්ථානය සහ ශ්‍රීලංකාව  මෙවර පිරිමි  ශුරතාවය සදහා තරගවදින අතර එක්රටකින් කණඩායම් දෙක බැගින් තරග බිමට පිවිසෙන  අතර ශ්‍රී ලනකාවේන් කණඩායම් තුනක් තරගකරයි.

මාලදිවයින ශ්‍රීලංකාව සහ උස්බෙකිස්ථානය යන රටවල්වලින්  ඉදිරිපත්වී ඇති කාන්තා කණ්ඩායම් තුන කාන්තා ශුරතාවය සදහා තරග කරයි.

මෙම තරගාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රීලංකාව කටයුතුකරයි

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.