මිගමුව නගරයේ කැලිකසල එකතුකිරිම අඩාලවීමෙන් නගරය පුරා තැනින්තැන එක්රැස්වී ඇති කුනුකදු වලින් හමන දුගද දිනෙන් දින වැඩිවෙමින් පවතිනබව නගර වැසියන් පවසති.
මෙනිසා මිගමුවට පැමිණෙන සංචාරකයන් දැඩි අපහසුතාවට පත්වන බව සංචරක කර්මාන්තයේ නියුතු පිරිස් පවසති
මෙපිලිබදව මිගමුව මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් ඒ යු එල් ගුණරතන මහතා ගෙන් විමසීමක් කල අතර ඒ මහතා ප්‍රකාශ කල අන්දමට දින ගණනාවකින් නගර සභාවේ සෞඛ්‍ය අංශයයේ ඇති කුනුඑකතු කරන රථ වලට සහ ට්‍රැක්ටර් රථවලට අවශ්‍ය ඩිසල් ලබාගැනීමට නොහැකිවීම නිසා කුණු කසල එකතුකිරිම අපහසුවී ඇතිබව පැවසිය.
මේ නිසා කසල එකතුකිරීමේ කටයුතුවල නිරත සේවකයන් සහ වාහන වල රියදුරන් සේවයට වාර්තාකර නගර සභාවේ රැදීසිටින බව නගර සබාවේ සේවකයෝ පවසති