31 C
Negombo
31 C
Negombo

ජිවිත රැකගන්න බෙහෙත් පරිත්‍යාග කරන්න -පෞද්ගලික   රෝහල්  සහ  සාත්තු  නිවාස  සංගමය

-

ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන්  දිනෙන් දින  අවදානමට ලක්වෙමින් පවතින  අහිංසක  රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හැකි ඉක්මණින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලා සිටියි.

විදෙස්  සංචිත  සිඳීයාමත් , ඩොලර්  හිඟයත් හේතුවෙන්  ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා  ගැනීම  බරපතල  ප්‍රශ්නයක්  වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින්  පෙන්වා දෙන  පෞද්ගලික   රෝහල්  සහ  සාත්තු  නිවාස  සංගමය  මේ  වනවිට ශ්‍රී ලංකාවේ  සමස්ත  රෝහල් පද්ධතියම  දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන බවද  පවසයි.

ඉතා  ඉක්මණින් මේ තත්ත්වය මඟහරවා  ගැනීම සඳහා පියවරක් නොගතහොත් ඉදිරියේදී මෙරට  සමස්ත සෞඛ්‍ය  පද්ධතියම දරුණු කඩාවැටීමකට ලක්විය හැකිබවටද ඔවුන් අනතුරු  අඟවා ඇත.

ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන එකමුතුව ලෙස සිය සංගමය අවස්ථා රැසකදීම මෙම අවදානම් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව දැනුවත් කිරීමට පියවර ගත් බවත්,මේ වනවිට හිඟවී ඇතැයි  හඳුනාගෙන  තිබෙන ප්‍රධාන  ඖෂධ වර්ග 76ක් පිළිබද පසුගියදා  සෞඛ්‍ය අධක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා දැනුවත් කළ බවත් සංගමය විසින් නිකුත් කළ එම  නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ඒ අනුව,සෞඛ්‍ය අමාත්‍යංශයේද අනුමැතිය ඇතිව, ලේඛනයේ ඇති සහ  නැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග ලෙස මෙරටට ගෙන්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විසින් දියත් කර ඇති අතර,එම ඖෂධ රෝගීන් වෙත සම්පූර්ණයෙන්ම  නොමිලේ ලබාදීමට කටයුතු කරන බවටද සංගමය විසින්  සහතිකයක්  ලබාදී ඇත.

මේ සදහා දායකවීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලීන්ට +94 0777755171 (ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි-සභාපති ),   +94 0773497515 (වෛද්‍ය සුනිල් රත්නප්‍රිය – ලේකම් ) යන දුරකථන අංක හෝ  [email protected]  සහ [email protected]  ඊ මේල් ලිපින ඔස්සේ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සමග සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.