ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව අදදින (05) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 356.83 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 369.99ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් පහල වැටුණු පලමු අවස්ථාව මෙයවන අතර සමහර වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 375 ක අගයක් සටහන්ව තිබිණි