28 C
Negombo
28 C
Negombo

සංචාරක කර්මාන්තයට මරුපහරක් -රුසියානු සංචාරකයන් රටින් පිටව යති

-

අපි ශ්‍රී ලංකාවට ආවෙ දින 14 ක සංචාරයක් සදහා . අපි මේ වෙනකොට හිටියෙ හික්කඩුවෙ . හදිසියේම ඇති වූ මේ තත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා , සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස .

ඒ අනුව දින 14 ක සංචාරය දින 07 කින් නිමා කරල ආපසු රුසියාව බලා යෑමට , මෙම රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානය සදහා අපි කටුනායක ගුවන් තොටුපළට ආවා , යැයි රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා මහත්මිය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී 06/05 දින උදෑසන 10.00 ට පැවසුවාය .

අපිට රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා . එහෙත් හදිසියේම ඇති වූ මේ තත්වය පිළිබඳව අපි කම්පනයට පත් උනා .  මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ . ඒ මදිවට විදුලි කප්පාදුව . මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත උනා . අපේ රුසියානු සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙනවා .
ඒත් මේ තීන්දුව නිසා ඒ තත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙලා යයි . රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි.

ඒ අනුව අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු  පැමිණෙන ලෙස රුසියානු රජය අපව  දැනුවත් කර තිබෙනවා යැයි ද එලේනා මෙසෙන්කෝවා මහත්මිය සිය රුසියානු බසින් පැවසුවාය .

එමෙන්ම යළිත් මින් ඉදියට කිසිදු රුසියානු සංචාරකයෙකු මෙවැනි සිදුවීමක් ඇති වෙතැයි යන බියෙන් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.