කටුවාපිටිය කුරුස ගස් හන්දිය ආසන්නයේ තිබී හමුවූ දුම් බෝබයක් කැලණිය පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්රිය අංශයේ නිලධාරීන් විසින් මිගමුව කඩොල් කැලේ ක්රීඩාංගනයේදී අද 16 දින පස්වරු වේ නිෂ්ක්රිය කරනු ලැබිය.
එම නිලධාරීන් විසින් මෙය චීනයේ නිෂ්පාදීත නවීනතම දුම්බෝම්බයක් වශයෙන් හදුනාගෙන ඇතිබව වාර්තාවේ.
අද 16 දින උදැසන 9.00 ට පමණ කුරුසගස් හන්දිය අසල ඇති වෙළද සලක ගබඩාවක් ඉදිරියේ බෝම්බයකට සමාන සැකකටයුතු යමක් ඇතිබවට ගුවන් හමුදාවට ලැබුණු තොරතුරකට අනුව මිගමුව පොලිසිය සහ ගුවන් හමුදාව විසින් එම ස්ථානයට පැමිණ මාර්ගය තාවකාලිකව වසා පරීක්ෂණ ආරම්භ කරනු ලැබිය.
ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්රිය අංශයේ නිලධාරීන් විසින් මේ සැකකටයුතු උපකරණය පරීක්ෂා කර නිශ්චිත නිගමනයකට පැමිණීම සදහා කැලණිය පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්රිය අංශයේ නිලධාරීන් කැදවීමට කටයුතු කරනු ලැබිය
විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්රිය අංශයේ උපපොලිස් පරීක්ෂක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් මිගමුව කඩොල් කැලේ ක්රීඩාංගනය වෙත රැගෙන විත් වැඩිදුර පරීක්ෂණ සිදුකර දුම් බෝම්බය නිෂ්ක්රිය කරනු ලැබිණි
නිෂ්ක්රිය කල දුම් බෝම්බයේ කොටස් සමග මිගමුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මිගමුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි