28 C
Negombo
28 C
Negombo

කෝටි පහක රත්රන් ගුවන් තොටුපොළේ ට්‍රොලියක

-

නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ රුපියල්  හාර කෝටි හැත්තෑ දෙලක්ෂ එකොළොස් දහස් හැත්තෑ පහක් ( 4,72,11,075 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් දෙකයි ග්රැම් අනූ අටක් සමගදෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු  අද 2 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු අලුයම 01.23 ට ඩුබායි සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ බඩුබාහිරාදිය අතර තිබූ මෙම රත්තරන් තොගය , සිය ගමන් මලු වලින් ඉවත් කර , ඒවා තබා ගෙන ආ ගුවන් තොටුපළෙන් පිට වීමට භාවිතා කරන භාණ්ඩ ප්‍රවාහන  ට්‍රොලියෙහි සගවා ගෙන , ගුවන් තොටුපළෙන් පිටතට යෑමට තැත් කරමින් සිටිය දී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.