ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පවත්වනු ලබන දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන පුහුණුකරුවන්ගේ සමුළුව අද 2022 ජූලි 15 වන දින පෙ.ව.10.00 ට මීගමුව ශ්‍රී ලංකාවේ ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටලයේදී ආරම්භ කෙරිණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ Mohamed Ali Khalid, SAANSO උපදේශක සහ භාරත බාලදක්ෂ හා මාර්ගෝපදේශක අතිරේක ප්‍රධාන කොමසාරිස්වරයාය
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ එම්. ජනප්‍රිත් ප්‍රනාන්දු සහ සමුළුවේ පාඨමාලා අධ්යක්ෂ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස පිළිගත්හ.
මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල ප්‍රධාන කොමසාරිස් වරයා ඉතා දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව සහභාගී වූ සියලුම දෙනාට සහ සම්පත් දායකයින්ට සිය කෘතඥතාව පළ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, වසංගත තත්ත්වය තුළ පවා ශ්‍රී ලංකාව තුළ බාලදක්ෂ කටයුතු සක්‍රීයව පවත්වාගෙන ගිය බවත් යහපත් පුරවැසියන් බිහිකිරීම සඳහා පුහුණුවේ වැදගත්කම ද ඔහුවැඩිදුරටත් ප්රකෂක්ලේය
මෙම සමුළුවට දකුණු ආසියාතික රටවල් 7කින් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් 7කින් සහභාගිවන්නන් 24ක්, සම්පත් පුද්ගලයන් 6ක් සහභාගි වෙති.
සම්පත් දායකයින් බංග්ලාදේශය, මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය සහ APR ආධාරක මධ්‍යස්ථානය වේ.
තෙදින සමුළුව ජූලි 17 වැනිදා සමාප්ති උත්සවයෙන් අවසන් වේ.