29 C
Negombo
29 C
Negombo

මිලියන 6.75 ක රත්රන් සමග ඇමරිකානු පුරවැසියෙකු කටුනායකදී අත්අඩංගුවට

-

මිලියන 6.75 ක වටිනා  ග්‍රෑම් 300 ක පමණ බරැති රන්බිස්කට් තුනක්  ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ නොකරැ නිතිවිරෝධිලෙස රැගෙනයාමට උත්සහකල ඇමෙරිකානු පුරවැසියෙකු සහ ලක්‍ෂ තුනක වටිනාකමක් ඇති කුඩා මැණික් ගල් තොගයක් රැගෙන යාමට උත්සහකල කාන්තාවක්  කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත

එමිරේට්ස් ගුවන් සේවයේ EK651  දරන ගුවන් යානයෙන් ඊයේ (03) මෙරටින් පිටවීමට පැමිනි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. මෙම පුද්ගලයා පිලිබදව ඇතිවූ සැකයමත අත්අඩංගුවට ගෙන  පරීක්‍ෂාකිරීමේදී ඉතාමත් සූක්ෂම ලෙස අත් බැගය  අතුල සගවා ගෙන  රේගුවට ප්‍රකාශ නොකර මෙරටින් පිටකිරීමට උත්සාහකල රත්රන් සමග මෙම ගුවන්මගියා අත්අඩංගුවට ගැනීමට රේගුනිලධාරින් සමත්ව ඇත.

මැණික් තොගයක සමග අත්අඩංගුවට පත්ව ඇති කොළබ ප්‍රදේශයේ පදිංචි කාන්තාව  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL121 දරන ගුවන් යානයෙන් ඊයේ (03) මෙරටින් පිටවීමටපැමිණ ඇති අතර ඇයගේ ගමන් මලුතුල පරීක්‍ෂා කල ගුවන් තොටුපොල රාජකාරියේ  නිරතව සිටි රේගු නිලධාරීන් ඒවා තුල  සගවාගෙන නීති විරෝධිව රටින් පිටකිරීමට උත්සාහ කල මැණික් සමග මෙම කාන්තාවන අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රීලංකා රේගුවේ ගුවන්තොටුපළ අංශයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර රත්රන් සහ මැණික් රාජසන්තකකර දඩ නියමකර ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.