29 C
Negombo
29 C
Negombo

උතුරු නැගෙනහිර එකතුකලයුතු නෑ-ඇමති ඩග්ලස් දේවානන්දා

-

සමහර  දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන අන්දමට උතුර නැගෙනහිර එක්කිරීමක් අවශ්‍ය නැතිබවත් දැන්තිබෙන අන්දමින්  පළාත් දෙකක් වසයෙන් පැවතිය යුතුබවත්  ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

දිගටම තමන් මෙම ස්ථාවරයේ සිටිනබවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ හා පක්ෂයේ සම්පුර්ණ සහයෝගය ලබාදෙන බවද  අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය..

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම නිසා  මීගමු කලපුවේ කොටුතුල මොදා මාළු කර්මාන්තයේ යෙදුදු ධිවර යන් 65 දෙනෙකුට වන්දි බෙදාදීමේ උත්සවය  අවස්ථාවේ මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීමේන් මිගමු කලපුවේ කොටුතුල වගාකර සිටි මිලියන 11 ක් පමණ වටිනා මසුන් විනාශ වී ඇති අතර නැව රක්ෂණය කල සමාගම වන්දි වශයෙන් ගෙවා ඇත්තේ මුළු අලාභයෙන් 10 %ක් එනම්  ලක්‍ෂ එකොළහක මුදලක් පමණක්බව වෙරළ බඩ ධිවර සංවර්ධන අධ්‍යක්ෂක වරයා  පැවසිය.

මෙලෙස වන්දිය අඩුවූයේ නාරා  ආයතනය මෙම හානිය  නැව ගිනිගැනීම නිසා සිදුවූ බවට තහවුරු කිරීමට අවශ්‍ය  වාර්තා  ලබා නොදීම නිසා සිදුවූ බවද අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසිය

ලැබුණු වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ධීවරයන් පවසති.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.