29 C
Negombo
29 C
Negombo

වෑත්තෑවේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඝාතනයවේ -සාමනේර හිමියන් සහ වාහන දෙකක් අතුරුදහන් ………

-

රද්දොළුව වෑත්තෑවේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන නැදගමුවේ මහානාම හිමියන් (50) විහාරස්ථානයේ ලැගුම් ගෙය තුල ගෙල සිරකර ඝාතනය කර තිබියදී සිදුව පොලිස් ස්ථානය විසින් සොයාගෙන ඇත.

අද 14  සවස 3.30 ට පමණ පමණ විහාරස්ථානය දෙසින් දුගදක් හමණ බවට සීදූව පොලිස්  ස්ථානයට දුරකථන  පණිවිඩයක් ලැබී ඇති අතර .ඵ්අනුව නිලධාරීන් කන්ඩායමක් විහාරස්ථානය වෙත ගොස් පරීක්ෂා කිරීමෙිදී  විහාරස්ථානයේ කාමරයක් තුල විහාරාධිපති වහන්සේ ගේ ගෙල රෙදිපටියකින් සිරකර මරා දමා ඇති බවට නිරීක්ෂණය  වී ඇත

මෙම විහාරස්ථානයේ තවත් ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කර ඇති අතර එම හිමියන් මේ වනවිට අතුරුදහන්ව  ඇත.

විහාරස්ථානයේ තිබූ විහාරාධිපති වහන්සේ සතුව තිබු ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් සහ වැගන් ආර් වර්ගයේ කාර් රථයද නොමැති බවට මෙතෙක් සිදුකල ව්මර්ශණ වලදී පොලිසිය විසින්  අනාවරණයකරගෙන ඇත.

සිදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.