බලපත්රයක් නොමැති බෝර 12 ගිනිඅවියක් සහ ජිව පතරොම් පහක් නීතිවිරෝධි ලෙස සන්තකයේ තබාගත් 37 හැවරදී විවාහකයෙකු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටාන පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පමිල මධුරංග මහතාට ලද තොරතුරකට අනුව මෙසේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන දෙමන්හන්දිය උතුරු කදිරාන ඈටබගහ වත්තේ පදිංචි කරුවෙකි.
කටාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික තුෂාරා ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සදහා ආධුනික උපපොලිස් පරීක්ෂකවරුන් වන දිසානායක ,සමරනායක ,අබේනායක සහ පොලිස් කොස්තාපල් 102348 පැතුම් යන නිලධාරීන් සහභාගිවී ඇත.
අත්අඩංගුවට ගත් ගිනිඅවිය සහ වැටලීමට සහභාගිවූ නිලධාරී ජායාරුපයේ වෙති.