29 C
Negombo
29 C
Negombo

කුඩු ජාවාරමේ මහ අතු VIDEO

-

මහාපරිමාණ කුඩු ජාවාරම් සදහා දේශපාලඥයන් මෙන්ම නිතිය ක්‍රියාත්මක කලයුතු නිලධාරීන්  ගෑවී ඇතිබවත් ඒ නිසා පරීක්‍ෂණ නිසිපරිදි සිදුනොවනබවත්  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍ය වරයා මෙම අදහස් පලකලේ 3 දින  මිගමුව රුක්මනිදේවි රගහළේ පැවති රුක්මනීදේවි අනුස්මරණ ගී ප්‍රසංගය ට සහ රුක්මනී දේවි අනුස්මරණ පුස්තකාලය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල අමාත්‍යවරයා කුඩු විකුනන පොඩිපහේ අය ගැන නොව මෙරටට කුඩු ගේන අයපිලිබදව හොයන්න බැරිද පහුගිය දවස්වල අපිට දකින්නට ලැබුන සමහර නිතිය ආරක්ෂා කිරීමට සිටින ඉහල නිලධාරීන් කුඩු තොග සමග අහුවෙනවා දුන්න දඩුවම මොකක්ද මේක තමයි ප්‍රශ්නය එතන දේශපාලඥයන් ගෑවිලා තියෙනවා ඉහලම ඉන්න අය ගෑවිලා තියෙනවා

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු අතරින් බොහෝදෙනෙකු පරිනත නැතිබවඅපේ  අමත්‍යංශයේ වැය ශීර්ශය පිළිබද කාරකසභා අවස්ථාවේ විවාදයේදී  පෙනීගියා එකම ප්‍රශ්නය හෝද හෝද මඩේ දැමීම පමණයි පැය නමයහමාරක් පැවති මුළු විවාද කාලයේදීමපක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම කලේ කණ්ඩායමක් පුද්ගලයෙකුට චෝදනා කළා අනෙක්පිරිස ඔහු බේරාගැනීමට කතාකළා අපි පාර්ලිමේන්තු යවල තියෙන්නේ පුද්ගල වාදී වෙන්න නොවෙයි රටවෙනුවෙන් කටයුතු කරන්නයි .

මධ්‍යම සංස්කෘතික අරමුදල පිලිබදව හරියට විමර්ශන කරලා ඒ වාර්තා ලද පසු නීතියට අනුව කටයුතු කරනවා රටකට විනයක් අවශ්‍යයි නිතිය හරියට ක්‍රියාත්මක වියයුතුයයි ද  විදුර වික්‍රමනායක අමාත්‍ය වරයා වැඩිදුරටත්  පැවසිය

රුක්මනී දේවි අනුස්මරණ සංගමය විසින් මෙම අවස්ථාව සංවිධානය කරතිබූ අතර එම සංගමයේ නිර්මාතෘ අනුශාශක ප්‍රවීන මාධ්‍යවේදී  හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මහතා විසින් ඒ මහතගේ පුද්ගලික පුස්තකාලයේ පොත් රුක්මනී දේවි අනුස්මරණ පුස්තකාලය වෙත බාරදීමද මෙම අවස්ථාවේදීම සිදුවිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.