හලාවත කොලබ පාරේ කට්ටුව සතොස අසලදී මාරක රිය අනතුරක් සිදුකල 22 හැවරදී කන්ටේනර් ප්රවාහන රථයක රියදුරු මෙම මස 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව ප්රධාන මහේස්ත්රාත් චම්පික රාජපක්ෂ මහතා 11 දින නියෝග කළේය.
. වවුනියාවේ පදිංචිකරුවෙකු වන කලින්ද දිසානායක නමැති කන්ටේනර් රථයේ රියදුරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකළේය.
10 දින සවස කොළබ සිට හලාවත දෙසට ගමන්කරමින් තිබු ටොන් 16 ක් පමණ බඩු පැටවූ කන්ටේනර් රථය පාරෙන් ඉවතට පැන ත්රිරෝද රථයක් සහ යතුරු පැදියක ද යටකරගෙන වෙළද සලක් තුලට කඩාවැදී සතොස අසල තාප්පයකට සිරවී නතරවී තිබිණරථයකගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මියගොස් ඇත්තේ පෙරියමුල්ලේ පාතිමා පාරේ පදිංචිවසිටි 55 වියැති සනුන් නස්හිමි නමැති 56 වියැති දෙදරු පියෙකි..කොචිකඩේ පලගතුරයේ පදිංචිකරුවෙකුවන ඩික්ෂන් පිරිස් නමැති ත්රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල සහිතව රෝහල් ගතකර ඇත.
මිගමුව පොලිසියේ රථවාහන අංශයේ උපපොලිස් පරීක්ෂක අධිකාරි මහතා සමග සැරයන් 45349 රත්නසිරි විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර සැරයන් 34096 සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවිය