බුද්ධිය ඇත්නම පොලිස් නිලධාරීන්ට අල්ලසින් දුෂණයෙන් තොරව වෘත්තීය ගරුත්වයට හානියක් නොවන බාහිර අදායම් මාර්ග සකස්කර ගතහැකිබව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්සිගේරා මහතා පවසයි .
මිගමුව පොලිස් අධිකාරී කොට්ඨාශයේ උසස් වීම ලැබූ නිලධාරීන් 97 දෙනකුට එම පත්වීම් ප්‍රධානය කිරිමසදහා 13 දින මිගමුව මුලස්ඨාන පොලිසියේ ශ්‍රවනාගාරයේ පැවති උත්සවයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා මෙම අදහස් පලකලේය.
මෙහිදී තවදුරටත් රැස්වසිටි නිලධාරීන් ඇමතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්සිගේරා මහතා කාලයක් තිස්සේ උසස්වීම් නොලැබීම නිසා නිලධාරීන් තුල ඉච්ඡාභංගත්වයක් ඇතිව තිබුබවත් වත්මන් පොලිස් පතිතුමා විසින් එම තත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම අගය කලයුතුයි.
පොලිස් නිලධාරියෙකුගේ බලය දැනුමයි එම නිසා අද මේ උසස්වීම ලබන නිලධාරීන්ගේ මම ඉල්ලා සිටිනවා ඔබේ තනතුරට ගැලපෙන ලෙස දැනුම වර්ධනය කරගන්න නිළඇදුම ප්‍රසන්නව පිළිවෙලට අදින්න .වෙලාවට වැඩකිරීමට පුරුදු වෙන්න.
පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලැබූ නිලධාරීන් 65 දෙනෙක් සහ කාන්තා නිලධාරීන් 5 දෙනක්ද පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුරට නිලධාරී 18 දෙනක් සහ නිලධාරිනියන් 6 දෙනකුද උපපොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලැබූ නිලධාරීන් හතර දෙනක්ද අද උසස්වීම් ලැබූ නිලධාරී 97 දෙනා අතර විය.
වසර 12 හක අඛණ්ඩව නොකැළැල් සේවයක් සහිත අයට මෙම උසස් වීම ලබාදීඇතත් ඔවුන් අතර වසර 20 කින් පමණ උසස්වීම් නොලද නිලධාරින්ද විය
මෙම අවස්ථාවට නාලක සේනානායක සහ පාලිත අමරතුංග යන පොලිස් අධිකාරී වරුන්ද සහභාගිවිය
පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා විසින් සැරයන් සුදත් ගුණවර්ධන නිලධාරියාට උපපොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම සදහා හිමි ලිපිය ප්රධානයකල අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ
.