37 වන වරට සරසවි නිර්මාණ රංගපිටය සංවිධානය කල සරසවි නිර්මාණ විවෘත්ත නාට්‍ය සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගැනීමට මිගමුව බෝලවලාන ආවේමරියා පාසැල සමත්විය.
පාසලේ නාට්යහා රංග කලාව පිළිබද අචාර්යවරයා වන රන්දික විමලසුරියගේ මීටහිස්තැනක් නාට්‍ය මෙම සම්මාන උළෙලේදී හොදම නළුවාටහිමි සම්මානය ඇතුළු සම්මාන නමයක් දිනාගෙන ඇත
හොදම නළුවා සම්මානය චතුරි ක්රියේශා සිසුවියත් හොදම පසුතල නිරමාණයසදහා ඉසුමි ,සමාධි සහ දෙවුමී යන සිසුවියන්ට හිමි විය හොදම අංග රචනය සහ පසුතල නිර්මාණය මහේෂ් ගමගේ ආචාරිය වරයා හිමි කරගත් අතර හොදම ඇදුම් නිර්මාණය නිකේශලි ප්‍රනාන්දුටද හොදම සංගීතයට හිමි සම්මානය සෞම්‍යා පෙරේරාට හිමිවිය..
40 වන වරට කොලබ තරුණ බෞද්ධ සංගමය විසින් හෙළ බොදු සංස්කෘතිය හරවත් කිරීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන කෙටි නාට්‍ය උළෙලේදී හොදම නිෂ්පාදනයට හිමි සම්මානයද මෙම බාලිකා විදුහල විසින් පදමානවක ජාතක කතාව ඇසුරින් ඉදිරිපත් කල ප්‍රේමියක් නාට්‍ය විසින් දිනාගෙන තිබේ.
ජයග්රහණයන් ලැබූ නාට්‍යවලට රංගනයෙන් ගායනයෙන් පසුතල නිර්මාණයෙන් එක්වූ සිසුවියන්ගෙන් වැඩිදෙනකු උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන සිසුවියන්බව අචාර්ය රන්දික විමලසුරිය පවසයි.