31 C
Negombo
31 C
Negombo

කාන්තා අත්බෑග්  කොල්ලකා ලක්‍ෂ 65 ක කුඩු ගහලා

-

යතුරු පැදියකින් ගොස් ලක්‍ෂ 65 කට ආසන්නදේපල සමග  කාන්තා අත්බෑග්  කොල්ලකෑ සැකරුවෙකු පෙබරවාරි මස 1 දින දක්වා රක්‍ෂිත බනධනාගාර ගතකරනලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා 18 දින නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ වයික්කාල බෝලවත්ත ශාන්තමාරියා  මාවතේ පදිංචි 35 වියැති දිල්රුක් ශානක ප්‍රනාන්දු නමැත්තෙකි.

මිගමුව පොලිසියේ වංචා විමර්ශන   අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයෙකු සමග ඩියෝ වර්ගයේ අංක WP/BHW 2635

යතුරු පැදියේ  ගමන්කරමින් මෙම කාන්තා අත්බෑග් මංකොල්ලකෑම සිදුකර ඇත.

සැකරුවන්  දෙදෙනා මෙම කොල්ලකෑම් වලින් ලබාගත්  මුදල් වියදම්කර ඇත්තේ හෙරොයින් මිලදීගැනීම සදහා බවත් ඔවුන් දිනකට රුපියල් 50000 කපමන මුදලක් ඒ සදහා වැයකරන බව විමර්ශ වලදී හෙළිවූ බව පොලිසිය පවසයි

කොල්ලකෑම් පහක කට අදාලව දැනට අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මහමග පයින්  ගමන් කරමින් සිටි  සහ ගමන්යාමට සුදානම්ව නිවසින් පිටතට පැමිණෙන කාන්තාවන්ගේ අත්බෑග් මොවුන් දෙදෙනා විසින් මංකොල්ල කා ඇති අතර එම අත් බෑග් තුල තිබු මුදල් ස්වර්ණාභරණ ආදී වටිනා දේ රැගෙන හිස් බෑග් කොච්ච්කඩේ පාලමෙන් ගගට විසිකර ඇත.

මොවුන් කොල්ල කනලද ස්වර්ණාභරණ දැනට අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වමින් සිටින සැකකරුගේ අනියම් භාර්යාව මගින් උකස් මධ්‍යස්ථාන වලට උකස්කර පසුව ඒවා කොච්ච්කඩේ ප්‍රදේශයේ උකසට තැබූ රත්රන් උකසින් බේරා වැඩිමිලට ලබාගන්න අයෙකුට විකුණා ඇති අතර එම රත්රන් පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම විමර්ශන කටයුතු සදහා උපපොලිස් පරීක්ෂක සුදත් ගුණවර්ධන පොලිස් කොස්තාපල්වරුන් වන 99112 වීරසිංහ 102819 ඇතුගල 858354 ලියනගේ යන නිලධාරින්ද සහභාගී වී ඇති අතර  සැගව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි

සැරයන් 53883 නවරත්න බණ්ඩාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත්කරමින් පැමිණිල්ල මෙහෙයවිය.

මෙම යතුරු පැදියෙන් පැමිණ ඔබ ප්‍රදේශයේ  කොල්ල කෑමක් පිලිබදව තොරතුරු වේනම් මිගමුව පොලිසියේ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයාට දැනුම්දෙන්න

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.