කොලබ පුත්තලම මාර්ගයේ මිගමුව තෙල්වත්ත හන්දිය ආසනයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු තුවා ලබා රෝහල් ගතකර ඇත.
අද 26 දින අලුයම කොළබ දෙසසිට පුත්තලම දෙසට ගමන්කල කන්ටේනර් ප්‍රවාහන රථයක අතුරු මාර්ගයකින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
පොලිසිය මෙතෙක් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව අතුරු මාර්ගයෙන් පැමිණි මෝටර් කාරය කොලබ දෙසට හැරවීමට යාමේදී මෝටර් දකුණු පස කන්ටේනර් රථයේ වම්පස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
රාත්‍රී ආහාරය සදහා ඥාතිනිවසකට ගොස් නිවෙස් වෙත යමින්සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇත.අනතුරින් මියගොස් ඇත්තේ කුරණ, පරාක්‍රම පාරේ, පදිංචිව සිටි 84 වියැති සෝලන්ගආරච්චිගේ ඇලේක්ස් සැන්ද්‍රා පෙරේරා නැමැත්තියකි.
මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ඇනෙස්ලි මහතා ගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක අධිකාරී පොලිස් සැරයන් හරිශ්චන්ද්‍ර පොලිස් කොස්තාපල් දීපාල් යන නිලධාරී වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
.වැඩිදුර විමර්ශන වලින් පසුව අත්අඩංගුවට ගෙන් ඇති කන්ටේනර් රථයේ සහ මෝටර් රථයේ රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය