ඇමරිකන් ජාතික සංචාරකයෙකුගේ ඩොලර් 660 ක් සොරකම් කිරීමේ වරද පිලිගෙන එම මුදල්ආපසු ලබාදුන් මිගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ සම්භාහන ආයතනයක කලමනාකාරියක බවකියන කාන්තාවකගේ ඇගිලි සලකුණු වර්තාවක්ලබාගෙන දඩුවම් නියමකිරිමට නඩුව ජූලිමස 16 වන දින නැවත කැදවීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා 25 දින නියෝග කළේය
මෙලෙස වරද පිලිගනුලබුවේ මිගමුව කුරණ කොළබ පාරේ පදිංචිකේ එම රේණුකා නැමැත්තියකි.
සම්භාහනයසදහා ගිය අවස්ථාවේදී තමාගේ මුදල් පසුම්බියේ තිබු ඩොලර් 660 ක් සොරාගෙන ඇතිබවට කුඩාපාඩුව සංචාරක පොලිසියට ඇමරිකන් ජාතිකයා සිදුකල පැමිණිලක් පිලිබදව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා විසින් සිදුකල විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
සම්භාහනය සදහා පැමිණෙන සේවාලාභියාට ඇදුම් එල්ලා තැබීම සදහා සකස්කර ඇත්තේ ඔහුට නොපෙනෙන ස්ථානයක් බවත් සම්භාහනය සිදුවන අතරතුර කළමනාකාරිනිය විසින් එම ඇදුම් තුල ඇති පසුම්බි වලින් මුදල් ඇතුළු වටිනාදේ සොරකම්කිරීම් සිදුකරන බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
නිත්‍යානුකූල නොවන සම්භාහන ආයතනවල සේවය ලබාගැනීමට යන විදේශීය සංචාරකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ද මෙවැනි කරදරවලට මුහුණ දෙන බවත් ඒවා පිලිබදව පැමිණිලි කිරීමට පැමිණෙන්නේ ඔවුන් කලාතුරකින් බවත් පොලිසිය පවසයි..