අනෙකුත් සුපිරිවෙලද සල්වලට මෙන්ම විවිධ සේවා සමුපකාර සමිති මගින් පවත්වාගෙන යන සුපිරි වෙළදසැල් සදහා ද මත්පැන් සහ බියර් බලපත්‍ර ලබාදෙන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනබව මිගමුව විවිධසේවා සමුපකාර සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවසිය.
සාභාපතිවරයා මෙම අදහස් පලකලේනවීකරණය කරනලද මිගමුව කඩොල්උසන සමුකාර වෙළදසැල සහ ග්‍රාමීය බැංකුව විවෘත්ත කිරීමේඅවස්ථාවෙන් පසු පැවති ජනහමුව අමතමිනි
රා නිපදවන්නගේ සමුපකාර සමිති ඇතිබවත් නිපදවීමට හොදනම් අලවිකිරීමට අවසර ලබානොදීමට හේතුවක් තමන්ටනොපෙනෙන බව පැවසූ සභාපතිවරයා තරගකාරී වෙළද පොලක සමුපකාරයට පමණක් තහංචි පැනවීම යුක්ති සහගත නොවනබවද වැඩිදුරටත් පැවසිය.
බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස් සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්රුවනි ආයාචනා විජයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විවෘත්ත කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන සහකාර කොමසරි අසින්සලා සෙනවිරත්න මහත්මිය සහ මිගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ උප සභාපති මාක්ස් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් සහ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියේය.