තැබෑරුම් වසා තිබු නිදහස් දිනයේ සහ නවම් පෝය දිනයේ වැඩිමිලට අලවිකිරීමට නීතිවිරෝධී ලෙස තබාගෙන සිටි බියර් සහ අරක්කු බෝතල් 174 ක් සමග සැකකරුවෙකු කටාන පොලිසියේ දුෂණ මර්ධන අංශය මගින් 4 දින අත්අඩංගුවට ගෙන ඇත
ලද තොරතුරකට අනුව සිදුකල මෙම වැටලීමේදී දාගොන්න ප්‍රදේශයේ පදිංචි 21 වියැති තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඩබ්ලිවු.වී සුදසිංහ මහතා ගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සහ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි
වැඩිදුර විමර්ශන වලින්පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.