අත් අඩංගුවට ගෙන හෙරොයින් ඇත්ද යන්න පරීක්ෂා කිරීමට පොලිස් නිළධාරීන් කටයුතු කරමින් සිටියදී කටාන පොලිස් ස්ථානයේ පො.කො.96834 අබේකෝන් නිලධාරියාගේ වම් අතට පිහියෙන් ඇන තුවාල සිදුකල දාගොන්නේ සුරයා නමැත්තා මෙම මස 16 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව අතිරේඛ මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද 7 දින නියෝග කළේය
සැකකරු හෙරොයින් ජාවාරම් කරනබවට ලද තොරතුරකට අනුව කටාන පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මදුරංග නිලධාරියා ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමට සුදනම්වූ අවස්ථාවේදී පිහියකින් ඇන පලායාමට උත්සාහ කර ඇත.
සිදුකල සෝදිසි කිරීම්වලදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 ක් සහ මිලිග්‍රෑම් 420 ක් , ජිව අත්බෝම්බයක් ,කඩුවක්, උල්පිහියක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල් වරයා මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි
කටාන පොලිසියේ ස්ථානාධිපති එස් ඩබ්ලිවු.වී සුදසිංහ මහතා ගේ අධීක්ෂණයෙන් සිදුකල මෙම වැටලීම සහ අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රේමවංශ,ජයලත් ,පතිරණ බණ්ඩාර යන නිලධාරින ද සහභාගිවී ඇත