32 C
Negombo
32 C
Negombo

ගවමස් කන්නේ බලාගෙනයි -මස් වලට ගහන මුද්‍රා ජාවාරම් කාරයන් අතේ

-

නීතිවිරෝධීලෙස ඝාතනය කරන ගවමස්  ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය බලපත්‍ර ලබාදෙන ජංගම කාර්යාලයක් පවත්වාගෙන ගිය මෝටර් රථයක් සමග සැකකරුවෙකු මිගමුව පොලිසියේ අපරාධවිමර්ශන අංශය විසින් කුරනදී අත්අඩංගුවට ගෙන ඇත

අපරාධවිමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක චාමර ප්‍රදීප් නිලධාරියට ලද තොරතුරකට අනුව හදිසි අපරාධ නිවාරණ මාර්ග බාධකයක් යොදා මෙම වැටලීම සිදුකර තිබිණි

තිබී මුන්කාවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිලමුද්‍රාව පුනකරී මහජන සෞඛ්‍ය පරීක්ෂක  ජේ සතිෂ්කුමාර යනුවෙන් නම සදහන් මුද්‍රාවක් පුනකරී ප්‍රාදේශීය සභාවේ නිල මුද්‍රා දෙකක් ප්‍රාදේශීය සභාවේ ලිපිශීර්ෂ පනහක් මස්ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිස්පති  චක්‍රලේඛය අනුව නිකුත් කරනු ලබන අවසරපත් එකසිය පනහක් සහිත පොත් තුනක් පුනකරී ප්‍රාදේශීය සභාව මගින් ගවමස් තත්වය  certificate offitness of meat –beef යනුවෙන් සදහා රාජ්‍ය ලාංචනය සහිත පිටු පනහ බැගින්වූ පොත් හතරක්ද සැකකරු ගමන් ගත් මෝටර් රථයේ සගවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

50 වියැති සින්න තම්බි ප්‍රදීපන් නමැති සැකකරු  කිරාන් පුල්ක්කාඩු හිපදිංචි කරුවකු බවත් ඔහු කාලයක් තිස්සේ නීතිවිරෝධී ගවමස් ප්‍රවාහනය සදහා ව්‍යාජ බලපත්‍රසකස්කිරීමේ නිරතව සිට ඇතිබව මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇතිබව පොලිසිය පවසයි.

මෙවැනි ව්‍යාජ බලපත්‍ර මගින් මිනිස් පරිභෝජනය සදහා සුදුසු නැති විවිධ රෝගහේතුවෙන් මියගිය සතුන්ගේ මස් ද වෙළද පොලට පැමිණිය හැකිබව සෞඛ්‍ය අංශ පවසයි

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.