මිගමුව සංචාරක කලාපයේ හතු පිපෙන්නා මෙන් විවෘත්ත වන නීතිවිරෝධී ස්පා සහ ආයුර්වේද මධ්‍යස්ථාන නම්න් පවත්වාගෙනයන නිලනොවන මුදලට ලිංගික සේවා සපයන ස්ථාන හේතුවෙන් විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් නිරන්තරයෙන් විවිධ පිඩාවන්ට ලක්වන බව සංචාරක කර්මාන්තයේ නිරතවූවන් පවසති.
පැය 24 පුරාම විවෘතව පවත්වාගෙන යන මෙම ස්පා වලට තැරැව් කරුවන් විසින් යොමුකරන සංචාරකයන්ගේ මුදල් පසුම්බි වැනි වටිනාදේ ඒ වායේ රැදීසිටින කාන්තාවන් සහ කලමනාකාරිනියන් එක්ව සොරකම් කරන අවස්ථා පිලිබදව පැමිණිලි ලැබීමේ වර්ධනයක් ඇතිබවත් පොලිසියේ ආරංචි මාර්ග පවසයි
එමෙන්ම දැනටමත් මෙවැනි අපරාධ වලට සම්බන්ද සැකකරුවන්ට කිහිපදෙනෙකුට එරෙහිව මිගමුව සංචාරක පොලිසිය විසින් අධිකරණයේ නඩු පවරා ඇත.
මෙම ස්පා ආයතනවලින් ලිංගික සේවා ලබාගැනීමට රාත්‍රී සහ අළුයම්කාලයේදී බිමත්ව පැමිණන පුද්ගලයන් විසින් සංචාරකයන්ට හිරිහැර සිදුකරන අවස්ථා වාර්තා වන බවත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ස්පා ආයතන හිමිකරුවන් විවිධ බදාකිරීම් සහ බලපෑම් කරනබවද වාර්තාවේ.
මෙම නීතිවිරෝධී ස්පා පිලිබදව මිගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් ඒ යු එල් ගුණරත්න මහතාගෙන් විමසීමක් කල අතර ඒ මහතා ප්‍රකාශ කලේ මේවා සදහා නගර සභාව විසින් කිසිදු අවසරයක් බලපත්‍රයක් හෝ අවම වශයෙන් වෙළද බලපත්‍රයක් ලබාදී නොමැතිබවයි.
ස්පා මුවාවෙන් සිදුකරන මෙම ලිංගික ජාවාරම විවිධ බලවතුන්ගේ සම්බන්ධතා ඇතිව පවත්වාගෙන යනබත් මෙය මීගමුවේ විශාල සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇතිබවත් ප්‍රදේශ වාසින් පවසති.