මීගමුවේ සංචාරක පුරයේ මහාමාර්ගයේ ගමන්කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කලබවට සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගතකරසිටින සැකකරුවන් දෙදෙනකු මෙම මස 21 දින දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා 10 දින නියෝග කළේය.
මෙසේ ඇප ප්‍රතික්‍ෂේපවී රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දුම්මල සුරිය උඩුබද්දාවපදිංචි කරුවන් දෙදෙනකි
පැමිණිල්ල වෙනුවෙන් මිගමුව පොලිසියේ ලමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපති එන් එස් හසීම් මහත්මිය සිදුකල කරුණු දැක්වීමට අනුව විදේශ රටකින් ශ්‍රිලංකාවේ සංචාරය සදහා පැමිණි මවක් සහ දියණියක් රාත්‍රී ආහාරයෙන් පසුවඅලුයම 1.30 ට පමණ ඔවුන් නැවතී සිටි හෝටලය වෙත පාගමනින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි සැකරුවන් දෙදෙනා අපට නුබලා සමග ලිංගිකව හැසිරීමට අවශ්‍යයි ඉංග්‍රීසියෙන් පවසමින් කරදර කර ඇත.
මේ අවස්ථාවේදී බියටපත් මව කෑගසා තිබේන අතර මෙම දර්ශන දියණිය විසින් ඇගේ ජංගම දුරකතනයෙන් රූප ගතකරගෙන ඇතිඅතර සැකකරුවන් පලාගොස්තිබේ.
මේපිලිබදව ඒත්තුකාල සංචරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතාට වාර්තා වී ඇති අතර වහාම ක්‍රියාත්මකවූ ඒ මහතා CCTV දර්ශන ඔස්සේ යතුරු පැදිය හදුනාගෙන වැඩිදුර විමර්ශන ආරම්භකර ඇතිඅතර අදාල යතුරුපැදිය ඒත්තුකාල ප්‍රදේශයේ පවත්වාගෙන යන ස්පා ආයතනයක් ඉදිරිපිට නවතා තිබෙනු නිරීක්ෂණය වී ඇතිඅතර ස්පා ආයතනය තුල රැදී සිටි සැකකරුවන් සහ යතුරු පැදිය අත්අඩංගුවට ගෙන තිබිණි .