27 C
Negombo
27 C
Negombo

රනිල් අංශක 360 කින් ආපසු කැරකෙයි – මීගමුවේ නාගරික මන්ත්‍රීවරු කනුපොලට

-

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද අංශක 360 කින් ආපසු කැරකි ඇත.මෙවැනි සිද්ධි ගම්වල හදුන්වන්නේ බාන දිගතෙක් ගොස් කණු පලට අවා වගේය කියාය.

රොයිස් විජිත ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයේ මිගමුව සංවිධායක ලෙස නැවත පත්කරමින් රනිල් වික්‍රමසිංහ අංශක 360 කින් ආපසු කැරකි ඇත රොයිස් ප්‍රනාන්දු සංවිධායක දුරයෙන් ඉවත්කලේ ඔහු දුර්වල  ආසන සංවිධායක වරයෙකු නිසා නොව වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මිගමුව ආසන සංවිධායක ලෙස පත්කිරීම සදහාය.

මෙම පත්කිරීමත් සමග මිගමුව නගරසභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරු කණ්ඩායම ස්ථාවර තුනක් ගත්බව දක්නට ලැබුණි එක් කණ්ඩායමක් කාවින්ද ජයවර්ධන මහතා සමගද තවත් කණ්ඩායමක් රොයිස් විජිත ප්‍රනාන්දු මහතා සමගද තවත් කොටසක් මධ්‍යස්තව සිටිනු දක්නට ලැබුණි.

කාවින්ද ජයවර්ධන මහතා සජිත්ප්‍රේමදාස මහතා ගේ සමගි ජනබලවේගය සමග එකතුවූ අතර නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද ඔහුසමග එක්විය.

පළාත් පාලන නියෝජිතයන් වෙනත් දේශපාලන පක්‍ෂයක ප්‍රවර්ධනයට කටයුතු කරනවානම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළේය.

මේ අතර කාවින්ද ජයවර්ධන මහතා සමග එක්ව සිටි නාගරික මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ප්‍රදීප් පිරිස් මහතා මුණගැසී ඇත.

මේ අනුව මෙම මන්ත්‍රීවරු ද බාන දිගතෙක් ගොස් කනුපලට පැමිණ ඇත.

මෙම පිරිස ප්‍රදීප් පිරිස් මහතා මුණ ගැසුනේ සැබවින්ම ඔහුට සහ එක්සත් ජාතික පක්‍ෂයට සහයෝගය දැක්වීමටද එසේත් නැත්නම් විනය පරීක්ෂණ වලින් ගැලවීමට දැයි ඔවුන් ට භාවිතයෙන් ඔප්පු කිරීමට සිදුව ඇත.

ජයාරූප මුහුණු පොතෙනි

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content