මීගමුව නගර සභාවෙන් කටාන ප්‍රාදේශීය සභාවෙන් පරිසර දුෂණයට අතහිත

පෝස්ටර් අලවා තාප්ප අවලස්සන කිරීමෙන් විදුලි සහ දුරකථන කාණුවල ගස් ගල්වල කටවුට් බැනර් ඩිජිටල් බෝර්ඩ් එල්ලමින්  පරිසර අපවිත්‍ර කරමින්  දේශපාලකයන් තබා තිබු වාර්තාව බිදහෙලමින් නව වාර්තාවක් පිහිටු වීමට මේවනවිට උපකාරක පංති මුදලාලිලා සහ  ටියුෂන් ගුරුවරු සමත්ව ඇත.

කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහ මිගමුව නගර සීමාව තුල පෝස්ටර් ගසා බැනර් එල්ලා අපවිත්‍ර නොකළ මාර්ගයක් සොයාගැනීම කළුනික සොයනවාටත්  වැඩිය දුෂ්කර කාර්යකි

බැනර් කටවුට් එල්ලනවාට අමතරව පාසල් අසල අත්පත්‍රික දින දර්ශන ලිපිගොනුකවර ආදී විවිධදේ බෙදා දෙනුලබන අතර මේවා බලෙන්ම දෙන නිසා වැඩිදෙනෙක් එම මුද්‍රිත පත්‍රිකා  ඒ ආසන්නයේම විසිකර දමා යන අතර එමනිසා මහාමාර්ගයද අපවිත්‍ර වේ.

සාමාන්‍යයෙන් අගල් 24 x 18 ප්‍රමාණයේ එක කටවුට්  එකක  කඩදාසි සහ බෝඩ් ග්‍රාම 210ක් කම්බි ග්‍රෑම් තිහක් සහ පොලිතින් ග්‍රෑම් 20 ක්  ඇතුලත් වන අතර එක් අවස්ථාවකදී එක් අයෙකුගේ කටවුට් 200 ක් පමණ මිගමුව නගරය තුල එක් අවස්ථාවක එල්ලන අතර මේ නිසා පරිසරයට එකතුවන පොලිතින්ප්‍රමාණය කිලෝග්‍රෑම්  හතරක් වන අතර එකතුවන කම්බි ප්‍රමාණය කිලෝග්‍රෑම් හයකි එකතුවන කඩදාසි සහ බෝඩ් ප්‍රමාණය කිලෝග්‍රෑම් 40 කී මේ අනුව එක් උපකාරක පන්ති ගුරුවරයෙකු  එක් මාසයකට එක කටවුට් එකක් එල්ලුවොහොත් පරිසරයට එකතුවන කසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 52කී

සති කිහිපයකට  වරක් නැවත නැවත කටවුට් එල්ලීමේ තරගයක් පවතින අතර මේ අනුව අතිවිශාල කසල ප්‍රමානයක් මොවුන් විසින් පරිසරයට එකතු කරයි.

මෙම කටවුට් එල්ලා සිදුකරන හානිය වැළැක්වීම සදහා  ගනුලබන ක්‍රියාමාර්ගය පිලිබදව මිගමුව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතාගෙන් විමසීමක් කල අතර පෝස්ටර් ගැසීම සදහා ස්ථාන සකස්කර දී වෙනත් ස්ථානවල පෝස්ටර් ගැසීම කටවුට් එල්ලීම නතර කරනබව පැවසිය.

ජන්ද කැම්පේන් කරපු  උපකාරක පංති හිමියන් සහ දේශකයන් අමනාප කරගන්න බියවීම මෙම කටවුට් ඉවත්  නොකිරීමට හේතුව බව ජනතාව පවසති.

පරිසරයට හානිනොවන ව්ද්‍යුත් සන්නිවේදන ක්‍රම ඕනෑතරම් තිබියදී තමන්ගේ උගත්කමටද නොගැලපෙන ක්‍රම හරහා පරිසරය වනසන  බාල ප්‍රචාරණ ක්‍රමඋපයෝගිකර ගැනීම මගින්  මොවුන් ඔප්පුකරන්නේ  තමන් උගතුන් උවත් බුද්ධිමතුන් නොවනබවයි.

කණුවල ගස් වල එල්ලී ටියුසන් වලට එන්නයි සිසුන්ට ආයාචනය කරණ සමහර කටවුට් බැනර්   හින්දි සිනමාවේ කාඩ්බෝඩ් වීරයන් පරදන  ජායරුප යොදා සකස් කර ඇත ගුරුදෙවියා ගුරුතුමා මේ වනවිට  හින්දි මෙගා නාට්‍යවල  නළුවන්ගේ තත්වයට ඇද වැටී ඇත.

 

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img