මිගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවක මණ්ඩලයේ පස්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇත
මෙම පස්දෙනා හමුවී ඇත්තේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සදහා සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක ප්‍රතිපල අනුවය.මෙම පරීක්ෂණය සමුපකාර සමිතියේ පාලනාධිකාරිය විසින් පෞද්ගලික රසායනාගාරයක් මගින් සිදුකරවා ගෙන ඇත.
මේ අනුව පරික්ෂණයට ලක්කල සංඛ්‍යාවෙන් 50 %කට වෛරසය අසාදනය වී ඇත.
මෙම තොරතුරු සමුපකාර සමිතියේ පාලනාධිකාරිය විසින් මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දී ඇති අතර හෙට 13 දින සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවක මණ්ඩලයේ සියලු දෙනාසදහාම පිසිආර් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්ච් මහතා පවසයි.
[…] […]