හදවතින් කැමතිඋනත් පක්ෂයේ තීරණය අනුව සමහර මන්ත්රීවරුන් කඩොල් කැලේ සරත්චන්ද්ර ගුණරත්න ක්රීඩාංගනයේ ඉදිවන පාපන්දු ක්රීඩාංගනය ඉදිකිරීමේ යෝජනාවට විරුද්ධව ජන්දය දුන්නා
නගරාධිපති රොබට් හිකෙන්ද
නීතියට උඩින් කරන වැඩවලට එකග වෙන්න බෑ දිලිනි ජයකොඩි (සමගි ජ්නබලවේගය )
කඩොල් කැලේ සරත්චන්ද්ර ගුණරත්න ක්රීඩාංගනයේ ඉදිවන පාපන්දු ක්රීඩාංගනය ඉදිකිරීමට අදාලව ඉදිරිපත්කල යෝජනාව මෙම මස 10 දින මිගමුව මහනගර සභාවේ පැවති මහසභා රැස්වීමේදී වැඩි ජන්ද 30 කින් සම්මත විය . මෙහි විශේෂත්වයක් වුයේ ශ්රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්රීවරයා ඇතුළු මන්ත්රීවරු 7 දෙනක් යෝජනාවට පක්ෂව ජන්දයප්රකාශ කිරීමයි.යෝජනාවට විරුද්ධව ජන්ද 5 ක් ලැබුණු අතර ජන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි මන්ත්රීවරු ගණන හතරකි
පක්ෂව ජන්දය දුන් නාගරික මන්ත්රීවරුන් අතර මෙම යෝජනාව පිලිබදව විවේචනාත්මක සහ නිත්යානුකූතත්වය ගැන මෙන්ම ඉඩමේ හිමිකම පිලිබදව ප්රශ්නකළ මන්ත්රීවරුද විය.
ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්රී සංගීත් පෙරේරා මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
එහිදී සභාව අමතමින් කරුණු දැක්වූ මන්ත්රීවරයා මේ ක්රීඩාංගනය නම්කරල තියෙන්නේ සරත්චන්ද්ර ගුණරත්න හිටපු නගරාධිපතිතුමා නමින් එහෙම නම්කළේ සභාවට ඉඩමේ යම් අයිතියක් තිබෙන නිසා මිනි පාපන්දු ක්රීඩාපිටි ලෝකය පුරා ව්යාප්තව යන සංකල්පයක් මේ ඉඩමට අපිට 100 % ක අයිතියක් නැහැ එහෙත් යම් අයිතියක් තිබෙනවා ඉක්මනින් සම්පුර්ණයෙන්ම අයිතිය ලබාගැනීමට කටයුතු කරනවා.අපිට මීගමුවෙන් මාණ්ඩලික නිලධාරියෙක් සොයාගන්න බැරිවෙලා තියෙනව අපේ කොමසාරිස් තුමිය දකුණු පලාතෙන්
දිලිනි ජයකොඩි (සමගිජනබල වේගය)
මේ යෝජනාව ඉතාමත් හොද යෝජනාවක් ක්රීඩා කටයුතු සදහා පහසුකම් සැලැස්විය යුතුයි ජනාධිපති තුමා වගේම නගරාධිපති තුමත් හැමවිටම නීතියට අනුව කටයුතු කිරීම වෙනුවෙන් පෙනිසිටිනවා මේ ඉඩමේ අයිතිය පිලිබදව නීතිමය ගැටලුවක් තියෙනවා එය පළමුව විසදා ගතයුතුයි අපිට අයිති නැති ඉඩමක් ගැන අපි කොහොමද තීරණ ගන්නේ අපි යෝජනාවට කැමතියි එනමුත් එය නිත්යානුකූලව සිදුවන්නේ නෑ
සජිත් මොහාන්( ස්වාධින)
මුල්ගල් තියන්න ආපු අයඅතරේ මුදලට මීගමුවේ පාපන්දු ක්රීඩාව විනාශ කරපු පුද්ගලයෙක් හිටියා ඒ අයගෙන් ප්රවේසම් වෙන්න. අඩු පාඩු පෙන්වාදීම අපේ වගකීමක්.
මොහාන් අබේසේකර (ජාතික ජනබල වේගය)
මීගමුවේ පාපන්දු උන්මාදයක් තිබුණු කාලයක් තිබුනා මේ ප්රොජෙක්ට් එක ඇත්තටම මීගමුවට ලැබුනේ සුගත් තිලකරත්න ක්රීඩා නියෝජ්ය අමාත්යතුමා නිසා එතුමාගේ ඉල්ලීමට අනුව තනි පුද්ගලයෙකු වශයෙන් මා ඉලක්කකර මාධ්ය සහ සමාජ මාධ්ය පහර ගහනවා අපි ලග හොරකම් කරපු කුඩු විකුනපු සල්ලි නෑ.
දයාල් නිලංග ද සිල්වා (පොදුජන එක්සත් පෙරමුණ)
මේ ඉඩම ලබාදුන්නේ රණසිංහ ප්රේමදාස අමාත්යවරයාව සිටිකාලයේ අවුරුදු 40 ක් ගියත් මේකට අවශ්ය ඔප්පුව හදාගන්න මේ නිලධාරීන්ට බැරිඋනා මීගමුවේ ඉපදිච්ච කෙනකුට තමයි මිගමුව දියුණු කරන්න උවමනාවක් ඇතිවන්නේ අඩුම ගන්නේ ජ්යෙරාජ් ප්රනාන්දුපුල්ලේ ක්රීඩාංගනය නගර සභාවට පවරගන්න මේවායේ මුදල් අයකර ගන්නේ කවුද කියල අද වනතුර දන්නේ නෑ
එම්. එන්. එම . නසීර් (ජාතික ජනබල වේගය)
මීගමුවේ නගර සභාවේ දේපල වැඩියෙන්ම අවභාවිත කරපු කාලය තමයි 2006සහ 2007 අවුරුදු දෙක සභා දේපොළ කමිටුවේ සභාපති හැටියට මේ බැහැර කරපු දේපල නැවත සභාව බාරයට ගැනීමට කටයුතු කරනවා මේ බැහැරකිරීම් අවභාවිතවලට අත උස්ස්පු අයත් මේ සභාවේ අසුන්ගෙන සිටිනවා ඔවුන් අපට නිතිය ගැන කියාදෙන්න එනවා සමහර බැහැර කිරීම්වලට අදාල මුල් ලිපිගොනුත් නැහැ.මීගමුවේ තිබුණු සංචාරක ව්යාපාරය මේ වනවිට ගිලිහි ගිහින්
රොබට් හීන්කෙන්ද නගරාධිපති ජාතික ජනබල වේගය.
මේ ඉඩමේ අයිතිය වෙනත් පක්ෂයකට අයිතිබව ප්රකාශ උනා 1986 සිට ශ්රීලංකා ආයෝජන මණ්ඩලය විසින් නගර සභාවේ භුක්තියට ලබාදී තියෙනවා මේ ඉඩම වගුරු බිමක් මේක ගොඩකරල මේ තත්වයට ගෙන්න වියදම්කලේ නගරසභාවේ මුදල් පාපන්දු සංගමයට අපි ඉඩමේ අයිතිය දීල නෑ ඒවගේම ඔවුන්සමග ගිවිසුම් ගතවෙලත් නැහැ.ඔවුන් ඉදිරිපත්කර තිබෙන අර්පණය යෝජනාව අපි ප්රතිග්රහණය කරන්නෙත් නෑ පාපන්දු සංගමයට දෙන්නේ සංවර්ධනය කිරීමට පමණයි ඉඩමේ නිත්යානුකූල අයිතිය ලබාගැනීම සදාහා කටයුතු කරනවා දැනට නියමකර ඇති මිලට අඩුවෙන් ලබාගන්න උත්සාහ කරනවා වෙරළ උද්යානය අපට අයිති දේපලක් නොවුනත් අපේ බුක්තියේ පැවති දේපලක් එමගින් සභාවට අදායමක් ලැබුනා යයිද යෝජනාව පිලිබදව අදහස් පළකරමින් නගරාධිපති වරයා පැවසිය.





