මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම සහ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට තබා ඇති දැන්වීම් පුවරු නිසා අවහිරව ඇත.මේ නිසා ජනතාවට අවදානම් සහගත ලෙස පදික වේදිකාවෙන් පිටත මහපාරේ ගමන් කිරීමට සිදුව තිබේ පදික වේදිකාවල අනවසරයෙන් ඉදිකරගෙන ඇති කඩවලින් මහානගර සභාව දිනකට රුපියල් 200 ක බදු මුදලක් එකතුකරගැනීම මගින් මෙම අනීතික කටයුතුවලට නිත්‍යානුකුල අයිතියක් ලබාදී තිබේ. නගර සභාවට හිමිකමක් නැති පාරවල්වල තිබෙන පෙට්ටිකඩ වලින් මුදල් අයකිරීමට පවතින නීතිරීති අනුව නගර සභාවට අයිතියක් නැත.
මෙම ලබාගන්නා මුදලින් එම කඩ විසින් ඉවත්කරන එකතුවන කුණු ප්‍රමාණය කළමනාකරණයට හෝ ප්‍රමාණවත් මුදලක් නොවේ.කෝටිගණන් වටිනා නගරසභාවේ දේපොළ විවිධ පුද්ගලයන්ට කණඩායම්වලට නොමිලේ භුක්තිවිදීමට ඉඩදී පෙට්ටිකඩවලින් තැබිලි තට්ටු වලින් රුපියල් 100ක් 200 ක් එකතු කිරීම තුලින් ගම්‍යවන්නේ නගර සභාවේ මුල්‍ය කටයුතු වෘත්තීය නිපුණතාවයක් ඇතිව හසුරවන්නේ නැතිබවකි මෙම පෙට්ටිකඩ සදහා ලෙකෝ ආයතනය විසින් විදුලිය ලබාදී ඇති අවස්ථාද දක්නට ඇත.
මීගමුවේ ඇත්තේ පෙට්ටිකඩ මාපියාවකි. මේ කඩවල වෙලදාම් කරන්නේ කඩේ හිමිකරුවා නොව බදුකරුවාය තැනේ හැටියට අයිතිකරු විසින් අයකරන මුදල දිනකට රුපියල් 1000 සිට ඉහල අගයක් ගනී පෙට්ටිකඩයක් හදාගැනීමට දේශපාලන හයියක් හෝ නගර සභාවේ සහයෝගය අවශ්‍යය.





