මිගමුව නවලෝක රෝහලේ දුර්වල පරිපාලනයෙන් රෝගීන් අපහසුතාවයට

-

 

මිගමුව නවලෝක රෝහලේ පරිපාලනය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව අද 23 දින උදැසන 6.20 ට පමණ අත්විදි ඇති  අපගේ මුහුණු පොතේ හිතවතෙකු විසින් එවනලද මේ සමග පලකර ඇති තොරතුරු වලින් සහ හඩ පටය අනුව පැහැදිලිවේ.

නිරාහාර රුධිර පරීක්ෂණය සදහා පැමිණෙන රෝගීන්ට මුදල් ගෙවීම සදහා දිර්ඝවෙලාවක් රැදිසිටීමට සිදුවීම නිසා නියමිත වෙලාව පසුවීමෙන් ලැබෙන වාර්තාවල ප්‍රතිපලය නිවැරදි නොවීමේ ඉඩකඩ බැහැර කළනොහැකි අතර එම රසායනාගාර වාර්තාව අනුව ගනුලබන වෛද්‍යවරයාගේ නිගමනයට බලපෑමක් නොවන බවට තර්කයක් ඉදිරිපත් කලහැක්කේ ඕනෑම වැරැද්දක් නිවැරදි බවට පෙන් වීමට තර්ක කරන තර්කය ජිවනෝපාය කරගත් අයෙකුට පමණි.

ආකර්ශනිය බාහිර පෙනුම පමණක් නොව  ලබාදෙන සේවාව ගුණාත්මකභාවයෙන් යුක්තව නොලැබෙන බවට සැකයක් ඇතිනොවන ලෙස කටයුතු කිරීමද රෝගිසත්කරයේදී වැදගත් සාදකයක් බව අපේ විශ්වාසයයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here